සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1846
සුවිපුල
වි. අතිමහත් ; ඉතා විශාල.
සුවිභේද නිම්නය
(පාරිභා.) නා. බොහෝ දුරට සමාන්තර වූ විභේද දෙකක් අතර පොළොව ගිලා බැස්මෙන් සෑදුණු නිම්නය.
සුවිමල
වි. අතිනිර්මල වූ ; ඉතා පිවිතුරු වූ ; අතිපාරිශුද්ධ වූ.
සුවිශද
වි. ඉතා පැහැදිලි ; ඉතා නිර්මල හෙවත් පිවිතුරු.
සුවිශාල
වි. ඉතා ලොකු ; අතිමහත් ; සුවිසල්.
සුවිශේෂ
වි. අතිවිශේෂ ; අන්‍ය දේවලින් වෙන් කෙරුණු.
සුවිසල්
වි. අතිවිශාල වූ ; සුවිශාල.
සුවිසුද්ධ
වි. ඉතා පිරිසිදු වූ ; අතිපාරිශුද්ධ.
සුවෘත්ත
වි. මනා සේ වට වූ ; මැනවින් වෘත්තාකාර වූ.
සුශ්ලිෂ්ට
වි. ඉතා සිලුටු ; මෘදු.
සුශ්රවණය
(පාරිභා.) නා. ශරීරයේ උපදින ශබ්දවලට කන් දීම ; ශාරීරික ශබ්ද ශ්‍රවණය කිරීම.
සුශ්‍රැත
වි. මනා කොට අසන ලද ; ඉතා හොඳින් ශ්‍රවණය කළ.
සුශ්රූෂාව
නා. මනා ව ශ්‍රවණය කිරීම ; හොඳින් ඇසීම.
සුශික්ෂිත
වි. මනා සේ හික්මුණු ; ඉතා සංවර වූ ; ශික්ෂාකාමී.
සුශීල
වි. යහපත් ශීලයෙන් යුතු ; පිරිසිදු ශීලයෙන් හෙබි.
සුශුක්ල
වි. ඉතා සුදු.
සුෂිර
1. නා.ප්‍ර. පංච තූර්ය වාද්‍ය භාණ්ඩයන්ගෙන් එකක නාමය.
2. කුහරය ; සිදුර.
සුෂීරය
(පාරිභා.) නා. අන්ත්රයත් ශරීර බිත්තියත් අතර පවත්නා අවකාශය ; සීලෝමය.
සුෂුම්නා කුහරය
(පාරිභා.) නා. සුෂුම්නාවේ මැද පිහිටි කුහරය ; කොඳු ඇට පෙළ තුළ දිවෙන ස්නායු රැහැන් මැද පිහිටි කුහරය.
සුෂුම්නා නාඩිය
නා. ශරීර මධ්‍යයේ පිහිටි ප්‍රධාන නාඩියක් ; සිතට දැනීම ඇති කරන නාඩිය.
සුෂුම්නා පටල
(පාරිභා.) නා.ප්‍ර. සුෂුම්නා ශීර්ෂයේ වූ පටල ; සුෂුම්නාව හා සම්බන්ධ ව අපර මස්තිෂ්කයේ පවතින පටල විශේෂය.
සුෂුම්නා ශීර්ෂකය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ අනු- මස්තිෂ්කයෙන් බාහිර වූ අපර මස්තිෂ්කය.
සුෂුම්නාව
(පාරිභා.) නා. මොළයේ සිට කොඳු ඇට පෙළ තුළ දිවෙමින් සමස්ත ශරීරය හා සම්බන්ධ වන රැහැන ; පෘෂ්ඨීය ස්නායු රජ්ජුව.
සුසංගත
1. වි. මනා ව එක් වූ ; මැනවින් අනුරූප වූ.
2. සමන්විත වූ ; යුක්ත වූ.
3. (පාරිභා.) මනා ව බැඳුණු ; මැනවින් එකිනෙකට එකතු වූ.