සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1845
සුලුප්පුව
නා. කුඩා මුහුදු යාත්‍රා විශේෂයක් ; තනි කුඹ ගසක් ඇති කුඩා නැව.
සුව
වි. පහසු ; ලෙහෙසි.
1. නා.ප්‍ර. පහසුව ; සුකරබව.
2. සැපය ; සනීපය.
3. ශරීර සෞඛ්‍යය.
4. ගිරවා.
5. බල්ලා.
සුව පහස
නා. සුවදායක ස්පර්ශය ; සුඛ ස්පර්ශය.
සුව විහරණය
නා. සුවදායක වාසය ; සැප විහරණය ; සුඛ විහරණය.
සුවච
වි. කීකරු ; මනා ව හික්මුණු ; අවවාද පිළිපදින.
සුවට
වි. මනා ව වට වූ ; වටකුරු.
1. නා.ප්‍ර. මනා වැසි ඇති කාලය.
2. බල්ලා.
සුවණ
1. නා.ප්‍ර. නැකැත් විසි හතෙන් එකක නාමය.
2. ගුරුළා ; ගරුඬයා.
සුවණ්ණ
නා.ප්‍ර. රත්රන් ; රන් ; ස්වර්ණ.
සුවදා
වි. සැපදායක ; සුව ගෙන දෙන ; පහසුකම් ඇති.
සුවදුක්
නා.ප්‍ර.සැප හා දුක ; සැප සනීප හෝ ලෙඩ දුක් කරදර ආදිය ඇති බව.
සුවන් පිලවා
(පාරිභා.) නා. සමනලයන් ආදී ලෙපිඩොප්ටෙරාවන්ගේ පිලවා.
සුවන්මුවා
වි. රනින් කළ ; රන් මුවා ; ස්වර්ණමය.
සුවඳ
නා.ප්‍ර. යහපත් ගන්ධය ; සුගන්ධය.
සුවපත්
වි. සැපයට පැමිණි ; සුවයට පත් ; නිදුක් වූ.
සුවර්ණක
1. නා.ප්‍ර. බෙහෙත් ආදිය කිරන බර ප්‍රමාණයක්.
2. පිත්තල.
සුවරුවා
1. නා. රත්රන්වලින් කර්මාන්ත කරන තැනැත්තා ; රන්කරුවා.
2. ඇත්දළ වඩුවා ; ඇත් දත්වලින් කර්මාන්ත කරන්නා.
3. ආහාර පිළියෙල කරන්නා ; අරක්කැමියා.
සුවහ
වි. (පාරිභා.) පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි.
සුවහස
නා. සියක් දහස ; ශත සහස්‍රය ; ලක්ෂය.
සුවාය
නා. කියතක් වැනි ආයුධයක ඇල හැඩය ; ඇලය.
සුවාස
1. නා.ප්‍ර. හුස්ම ; සුසුම ; ශ්වාසය.
2. අපහසුවෙන් හුස්ම ගැනීම.
3. ඇදුම රෝගය.
සුවිකාරකය
(පාරිභා.) නා. ලාක්ෂා සෑදීමට ගනු ලබන ඉහළ තාපාංකයකින් යුක්ත ද්‍රව්‍යයක්.
සුවිකාර්ය
(පාරිභා.) වි. මැනවින් නැවිය හැකි ; පහසුවෙන් නැමීමට හැකි.
සුවිඥාත
වි. මැනවින් දන්නා වූ ; මනා කොට අවබෝධ කළ ; පහසුවෙන් වැටහුණු.
සුවිනීත
වි. මැනවින් හික්මුණු ; අතිශයින් විනීත.