සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1844

සුරැකියාව

නා. මනා ආරක්ෂාව ; ආරක්ෂිත භාවය.

සුරැකුම

නා. (පාරිභා.) 1. මුදල් ආරක්ෂා කිරීම ; මුදල් ඉතිරි කිරීම.
2. ආරක්‍ෂාව ; මනා රැක්ම.

සුරැකුම් පත්

(පාරිභා.) නා.ප්‍ර. ණය මුදලක් සඳහා සාක්ෂ්‍ය වශයෙන් ඇති සහතික.

සුරිඳු

නා.ප්‍ර. දෙවියන්ගේ ප්‍රධානයා ; දේවේන්ද්‍රයා ; ශක්‍රයා.

සුරු

1. වි. ශූර ; දක්ෂ ; සමර්ථ.
2. හුරු වූ ; පළපුරුදු ; දකුණු පැත්තෙහි වූ.
3. හැසුරුණු ; චරිතවත්.
1. නා.ප්‍ර. සූරත්වය ; සූරබව ; හුරුකම ; දක්ෂතාව.
2. සූර්යයා ; හිරු ; රිවි.

සුරුට්ටුව

නා. දුම්කොළ කපා ඔතා සාදා ගැනෙන දුම්වැටිය.

සුරුණ්ඩු

නා.ප්‍ර. හැකිළීම ; වකුටුවීම.

සුරුබුහුටි

වි. කඩිසර ; දක්ෂ ; හුරුබුහුටි.

සුරුවන්

වි. සූර වූ ; දක්ෂ වූ ; පරෙස්සම් සහිත වූ ; පරීක්ෂාකාරී.

සුරුවම

නා. කතෝලික ශුද්ධවන්තයකුගේ රූපය ; දේවප්‍රතිමාව ; ශාන්තුවරයකුගේ ප්‍රතිමාව ; රූපය.

සුරුවම් බානවා

ක්‍රි. උරුවන් බානවා ; සිවුරුහන් කරනවා.

සුරුවිරු

වි. සූර වීර ; අතිදක්ෂ ; අතිශයින් සමර්ථ ; නිර්භීත.

සුරූ

වි. සුරූපී ; ඉතා ශෝභමාන ; අතිශයින් ඇසට ප්‍රිය.

සුරූප

වි. මනා රූ ඇති ; අතිශයින් රූමත් ; ඉතා ලක්ෂණ.

සුරූපාන්තරණය

(පාරිභා.) නා. ඇතැම් සතුන් සිය ස්වරූපය හා ආකාරය සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකටත් ස්වරූපයකටත් පත් කර ගැනීම.

සුරේන්ද්‍රයා

නා. සුරිඳු ; සක් දෙව් රජ.

සුල

1. නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා.
2. විශ්වාසය.
3. අග්නි ; ගින්දර.
4. හුලු අත්ත ; හුල.
5. උල ; සූලය.

සුලකළ

වි. මනා සේ අලංකාර වූ ; අත්‍යලංකාර.

සුලක්ෂණ

නා.ප්‍ර. මනා වූ ලක්ෂණය ; අතිශය ශෝභාව.

සුලක්ෂිත

වි. හොඳින් ලකුණු වූ ; මනා කොට සටහන් වූ.

සුලබ

වි. පහසුවෙන් ලබාගත හැකි ; බහුල ව තිබෙන.

සුලමුල

නා.ප්‍ර. වගතුග ; තොරතුරු ; යමක් පිළිබඳ සියලු තොරතුරු.

සුලලිත

වි. අතිශය ලාලිත්‍යයෙන් යුක්ත ; ලීලෝපේත.

සුලු

1. වි. ශීලී ; ස්වභාව ඇති.
2. චංචල ; සෙලවෙන.
3. ගැලූ ; වෑහුණු.