සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1843

සුරනත

නා. දෙවියන්ගේ අධිපතියා ; ශක්‍රයා.

සුරනා

නා.ප්‍ර. දෙවියන්ගේ නායකයා ; ශක්‍රයා.

සුරනිඳු

නා.ප්‍ර. ශක්‍රයා

සුරපති

1. නා.ප්‍ර. සුරයන්ගේ ස්වාමියා ; ශක්‍රයා.
2. මහා බ්‍රහ්මයා.

සුරපතිචාප

නා.ප්‍ර. දේදුන්න.

සුරප්පට්ටුව

නා. තම්මැට්ටම.

සුරපා

1. නා.ප්‍ර. සුරවිමන ; දිව්‍ය ප්‍රාසාදය.
2. කප්රුක ; සුරතුර

සුරපාදප

නා.ප්‍ර. දිව්‍ය වෘක්ෂය ; කල්ප වෘක්ෂය.

සුරබි

1. නා.ප්‍ර. පණ්ඩිතයා.
2. සුවඳ ; මනෝඥ වූ ගන්ධය ; සුගන්ධය.
1. වි. මනෝඥ.
2. බබළන.
3. සුවඳ ඇති.
4. ප්‍රසන්න.
5. කීර්තිමත්.
6. සිතූ පැතූ සම්පත් දෙන.

සුරබිදෙන

නා. දෙව්ලොව වසමින් සිතූපැතූ සම්පත් ලබාදෙන බවට විශ්වාස කරනු ලබන ගව දෙන ; සුරභි ධේනුව.

සුරමණි

නා.ප්‍ර. දිව්‍ය මාණික්‍යය ; චින්තා මාණික්‍යය.

සුරඹ

නා.ප්‍ර. සුරඹුව බ.

සුරඹුව

නා. දෙවඟන ; දිව්‍ය ස්ත්‍රිය ; සුරලිය.

සුරය

1. නා. යන්ත්‍ර මන්ත්‍ර බෙහෙත් ආදිය දැමීම සඳහා රන්, රිදී, තඹ ආදි ලෝහයකින් කළ කොපුව ; ගුළාව.
2. බේත් මාත්‍රාවක් අඩංගු කුඩා භාජනයක්.
3. පිහි, කැති ආදි තලයක් මිටට සවිවීමට යොදා ගනු ලබන යකඩ වළල්ල.
4. කඩුව දමන කොපුව.

සුරයා

1. නා. දෙවියා ; දේවතාවා.
2. ඍෂියා ; පණ්ඩිතයා.
3. සූර්යයා ; හිරු.

සුරලය

1. නා. බෙර වාදන තාලයක්.
2. (රූඪි.) හැසිරෙන විලාසය ; විලාසිතාව.

සුරවමිය

නා. සුරඟන දිව්‍යාංගනාව.

සුරවරඟ

නා.ප්‍ර. සුර වරාංගනාව ; උතුම් දිව්‍ය ස්ත්‍රිය.

සුරවරණ

1. නා.ප්‍ර. දෙවියා ; දිව්‍ය රාජයා.
2. දිව්‍ය ලෝකයේ සිටින හස්ති රාජයා ; ඓරාවණ.

සුරවිරු

නා.ප්‍ර. සුරවීරයා ; දිව්‍ය රාජයා.

සුරා මදය

නා. සුරාපානය නිසා ඇතිවන මත් වීම ; සුරාමත ; වෙරි ගතිය.

සුරාමේරය

නා. සුරාව සහ මේරය ; මත් ගතිය ගෙන දෙන පෙරාගත් බීම ; රහමෙර.

සුරාසොඬා

නා. සුරාවෙහි ඇලුණු තැනැත්තා ; බේබද්දා ; සුරාලෝලයා.

සුරැකි

වි. මනා කොට ආරක්ෂා කළ ; හොඳින් රක්නා ලද.