සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1842

සුරක්ත

1. වි. ඉතා රක්තවර්ණ වූ ; තද රතු.
2. මනා සේ පඬු පෙවූ.
3. සිතෙන් ඇවිස්සුණු.
4. තද උෂ්ණය නිසා ඇති වූ.

සුරක්ෂණය

නා. පූර්ණ ආරක්ෂකභාවය ; දැඩි ආරක්ෂාව ; මනා රක්ෂණය.

සුරක්ෂිත

වි. ඉතා ප්‍රවේසම් සහිත ; මනාව ආරක්‍ෂා කරන ලද.

සුරකුම්පත සුරැකුම්පත

නා. ව්‍යාපාරික කොටස් හෝ බැංකු ආදියෙහි තැන්පත් කරන ලද මුදල් පිළිබඳ සහතිකය.

සුරකුව

නා. ඇපය.

සුරගජ

නා.ප්‍ර. දෙව්ලොව හස්තියා ; ඓරාවණ නම් ඇතා.

සුරගණ

නා.ප්‍ර. දිව්‍ය සමූහයා ; දෙව්පිරිස.

සුරගය

නා. කුඩා කඩුව ; පිහිය.

සුරගා

නා.ප්‍ර. කල්ප වෘක්ෂය ; කප්රුක.

සුරගැදික්නී

නා.ප්‍ර. සුරලොව මන්දාකිණි නම් ගඟ ; සුර දීර්ඝකා නදිය ; අහස්ගඟ.

සුරඞ්ග

නා.ප්‍ර. යුද්ධෝපක්‍රමයක් වශයෙන් සාරන ලද උමඟ ; යුද උමඟ.

සුරත

1. නා. තද රතු පැහැය.
2. හුරු අත ; දකුණු අත.
3. දැඩි රතිය ; රති ක්‍රීඩාව.

සුරත කෙළිය

නා. රති ක්‍රීඩාව ; රති කෙළිය.

සුරතල්

වි. ළඳ බොළඳ බවෙන් යුත් ; අහිංසක ප්‍රිය මනාප බවෙන් යුක්ත ; හුරතල්.

සුරතලා

1. නා. සුරතල් තැනැත්තා ; ළඳ බොළඳ ආදරවන්තයා.
2. නිවෙස්වල ඇති කරන (බලු, බළල් ආදී) සුරතල් සත්ත්වයා.

සුරත්

1. වි. හුරු අත හා සම්බන්ධ ; දකුණු අත හා සම්බන්ධ.
2. අතිරක්ත ; ඉතා රතු.

සුරත් ඉස්කුරුප්පුව

(පාරිභා.) නා. දකුණට කරකැවීමෙන් තද වන ඉස්කුරුප්පුව.

සුරත් පොට

(පාරිභා.) නා. දකුණට කරකැවීමෙන් තද වන පොට.

සුරත්හර

නා.ප්‍ර. රත්හඳුන්.

සුරතාව

නා.ප්‍ර. (ක්‍රිස්ති.) දෙවිකම ; දේවත්වය.

සුරදිගින

නා. අහස් ගඟ ; ආකාශ ගංගාව.

සුරදුම

නා. කල්ප වෘක්ෂය කප්රුක.

සුරදෙට

1. නා. ශක්‍රයා.
2. මහා බ්‍රහ්මයා.
3. (ක්‍රිස්ති.) යේසුස් වහන්සේ.

සුරධේනු

නා.ප්‍ර. දෙව්ලොව එළදෙන ; සුරබිදෙන.