සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1841
සුමුව
1. නා.ප්‍ර. සමූහය ; රාශිය.
2. යහපත් මෘගයා.
3. ශෝභන මුඛය.
සුමුසු
වි. එකට එකතු වූ ; එකට මුසු වූ.
සුමුළුව
නා. එකතුව ; රැස.
සුඹල්කරු
නා.ප්‍ර. මලින් සුඹුළු හෙවත් දාම ආදිය කරන්නා ; මල්දම් කරන්නා.
සුඹලී
නා.ප්‍ර. සොළී ; චෝල.
සුඹස
නා. වේයන් විසින් පස් හා වැලිවලින් ගොඩනඟන ලද වාසස්ථානය ; වේගුල ; තුඹස ; හුඹස.
සුඹස් බිය
(කථා.) නා.ප්‍ර. බොරු බිය ; කරුණු විරහිත ව ඇති ගන්නා බිය.
සුඹුක
නා.බහු. සක්ක ; හක්ක.
සුඹුනවා
ක්‍රි. ඉඹිනවා ; චුම්බනය කරනවා.
සුඹුප්පුලි
නා.ප්‍ර. සොහොන් ගොවුවා ; මිනී දවන්නා.
සුඹුලු
1. නා.ප්‍ර. ගසක පොත්තට යට පවතින සිනිඳු සිවිය.
2. ගසක හෝ කොළ, ගෙඩි ආදියෙහි ඇති බූව.
3. ගස් ආදියෙන් සූරාගන්නා කුඩු.
4. දරණුව ; හිසේ දවටනය ; සුම්මැඩිය.
5. පිසිනය ; බුරුසුව.
සුයෝවත්
නා.ප්‍ර.බහු. යුදභට පිරිස ; සෙබළ පිරිස.
සුර
වි. ශූර ; දක්ෂ.
1. නා.ප්‍ර. සුරය.
2. දෙවියා.
සුර අවිය
නා. (දෙවියන්ගේ අවිය යනු වාච්‍යාර්ථයි) දේදුන්න ; ඉන්ද්‍රචාපය.
සුර ඇජර
නා.ප්‍ර. සුරක්ෂණය
නා. පූර්ණ දෙවියන්ගේ ආචාර්ය වශයෙන් සැලකෙන බ්‍රහස්පති ; සුරගුරු.
සුර කරනවා
ක්‍රි. අජරාමර කරනවා ; නිවන් දක්වනවා.
සුර කාණ්ඩ
නා.ප්‍ර. චෛත්‍යයක කොත් කැරැල්ලට පහළින් ඇති හතරැස් කොටුව ; දේවතා කොටුව.
සුර කැන්
නා.ප්‍ර. දිව්‍ය සමූහයා ; සුරකැල.
සුර ජෙට්ඨ
1. නා.ප්‍ර. බ්‍රහ්ම ; මහා බ්‍රහ්ම.
2. නැකතක නාමය ; රෙහෙණ.
සුරං
නා.ප්‍ර. ගුඩු ක්‍රීඩාවේදී ගනු ලබන පන්දුව ; ගුඩුව.
සුරංග
1. නා.ප්‍ර. යහපත් වර්ණය.
2. පොළොව සාරා යටින් සැදූ මාර්ගය ; උමඟ.
සුරංගනා
නා.ප්‍ර. දිව්‍යාංගනාව ; දෙවඟන.
සුරංගනාව
සුරකර
නා. දිව්‍යාක්ෂර ; දේවාක්ෂර.