සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1840
සුමත
වි. යහළු වූ ; මිත්‍රශීලි.
සුමති
1. නා.ප්‍ර. සුවය ; සුඛය.
2. මිතුරු බව ; යහළුකම.
සුමධුර
වි. අතිශයින් මිහිරි ; බොහෝ සෙයින් රසවත්.
සුමන
1. නා.ප්‍ර. යහපත් සිත; හොඳ හිත.
2. බුදුවරයකුගේ නාමය.
3. නාට්‍ය තාලයක්.
4. අත්තන.
5. වදමල්.
6. දෑසමන්.
7. අමු ගඩොලින් සාදන ලද ගෙය.
8. දිව්‍ය රාජයකුගේ නාමය ; සමන් දෙවි.
සුමනා
1. නා.ප්‍ර. ගෘහ විශේෂයක්.
2. ලොකු මල් හටගන්නා සමන් පිච්ච මල් වැල.
ක්‍රි.වි. මනා සිත් ඇතිව.
සුමනෝරජස්
නා.ප්‍ර. මල් රේණු ; පරාග.
සුමර්දිත
වි. යහපත් කොට පැහැදිලි කළ.
සුම්
නා.ප්‍ර. උණුසුම ; උෂ්ණය.
සුම්මස්
සුම්මාඩිය
1. නා. බර ඉසිලීමේ දී බරට යටින් හිස මත තබන දරණුව ; දරණුවක් වැනි හිස් වෙළුම.
2. (මල්) දම ; (මල්) මාලාව.
සුමානය
නා. දින හතක් වූ කාලය ; සතිය.
සුමාර
නා.ප්‍ර. වාෂ්පය ; හුමාලය.
සුමිතුරු
වි. යහපත් මිතුරු ; කලණ මිතුරු.
සුමු
1. නා.ප්‍ර. සමූහය ; රාශිය.
2. යුද්ධ සේනාව ; බළ සෙනග.
වි. සන්සුන් ; ශාන්ත.
සුමුං
නා.ප්‍ර. කරඬුව ; සුමුඟ.
සුමුඛ
වි. සතුටු මුහුණු ඇති ; යහපත් වක්ත්රයක් ඇති.
1. නා.ප්‍ර. ගණදෙවි ; ගණේශ. ;
2. ගරුඬයා.
3. පඬිවරයා.
සුමුඛා
1. නා.ප්‍ර. මනා ද්වාරයක් ඇති ගෘහ ශාලා වර්ගය.
2. එවන් ශාලාවක් සහිත ගෘහය.
සුමුඛිය
නා. මුහුණ බලන කන්නාඩිය ; කැටපත.
සුමුග
නා.ප්‍ර. කරඬුව ; පෙට්ටිය.
සුමුගුව
නා. ගුළිය ; කැරැල්ල.
සුමුට්ඨානය
නා. හට ගැනීම ; ඉපදීම.
සුමුදු
1. නා.ප්‍ර. උප්පත්තිය ; ඉපදීම.
2. මුහුද ; සමුද්‍රය.
3. මුහුදු යාත්‍රාවක්.
වි. ඉතා මෘදු ; අතිශයින් කෝමළ.
සුමුලස්
නා.ප්‍ර. කෑම පිසින්නා ; අරක්කැමියා.
සුමුල්
නා.ප්‍ර. ඖෂධීය ශාකයක මුල් ද සහිත වූ සියල්ල ; මුළු පැළෑටිය ; සහමුල.