සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1839
සුභ
වි. යහපත්; මනා ; ශෝභන.
1. නා.ප්ර. ශුභ දේ ; යහපත් වස්තු.
2. පලු ගස.
සුභ සාධනය
නා. ප්රජාවගේ යහපත් පැවැත්ම සඳහා අවශ්ය කටයුතු සිදු කිරීම ; රටවාසීන්ට යහපත, ශුභ සිද්ධිය ඇති කරලීම.
සුභ සිද්ධිය
නා. යහපත ; යහපත් සිදුවීම ; අභිවෘද්ධිය.
සුභග
වි. අතිශය ශෝභා සම්පන්න ; සෞභාග්යවත්.
සුභගයා
නා. සෞභාග්ය සම්පන්න පුද්ගලයා ; පින් ඇතියා.
සුභඤ්ජනීය
වි. නිසරු හෝ දුර්වල ; පහසුවෙන් බිඳිය හැකි.
සුභද්ර
වි. ඉතා යහපත් ; අතිශයින් සොඳුරු.
සුභද්රා
වි. ශුභදායක ; යහපත ඉටුකර දෙන.
සුභවිපල්ලාසය
නා. අශුභවාදි වස්තු සුභ යැයි විපරිත ලෙස ගැනීම.
සුභස්සුලස්
වි. සුඹසක් ආකාරයට ඉහළට නෙරාගියා වූ ; කේතුවක ආකාරයට උල් වූ.
සුභසාධක
වි. යහපත හෝ සිද්ධිය ඇති කරන ; ශුභදායක.
සුභානු
1. වි. දීප්තිමත් රශ්මිය ඇති ; ආලෝකවත්.
1. නා.ප්ර. ශෝභන කාන්තිය හෝ රශ්මිය ඇත්තා ; හිරු.
2. වර්ෂ නාමයක්.
සුභාෂිත
වි. මොනවට කියන ලද ; මනා කොට ප්රකාශ කරන ලද.
සුභාෂිතය
නා. මැනවින් පවසන ලද්ද ; මනා තෙපුල.
සුභාසුභ
සුභාසුරමාන
වි. මැනවින් බබළන ; දීප්තිමත්.
සුභික්ෂ
වි. ආහාරපාන සුලභ ව ඇති ; සුවසේ ලැබිය හැකි ආහාරපාන ඇති.
සුම
නා.ප්ර. සුවඳවත් ද්රව්යයක් ; කපුරු.
සුමංදුව
(කථා.) නා. කරදරය ; පටලැවිල්ල.
සුමකුළු
නා.ප්ර. සුදු මකුළු ; සුදු හුණු.
සුමඟ
නා.ප්ර. යහපත් මාර්ගය.
සුමජ්ජිත
වි. මනා ව මදින ලද ; මොනවට මැදපු.
සුමට
1. වි. අතිශයින් මට සිලිටු ; ඉතා සිනිඳු
2. මෘදු ; මොළොක්.
සුමට වක්රය
නා. (ගණිත.) කඩතොලු නැති වක් රේඛාව ; සරල වක්ර රේඛාව.