සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1838
සුඵල
වි. හොඳ ඵල දෙන ; යහපත් ප්රතිඵල සහිත.
සුඵලිත
වි. මනාව ඵල හටගත් ; හොඳින් ගෙඩි සෑදුණු.
සුඵස්සිත
වි. මනා සේ ළං වූ ; අතරක් නැති එකිනෙකට මනා ව සමීප වූ.
සුබ
1. වි. යහපත් ; සෞම්ය ගති ඇති.
2. සුදුපාට ; ධවල.
සුබ ලකුණු
නා.ප්ර. කාර්ය සිද්ධිය පිළිගන්වන සලකුණ ; ශරීරයේ දක්නට ඇති ශුභ ලක්ෂණ.
සුබග
වි. සෞඛ්ය සම්පන්න.
සුබද
වි. සුභද්ර ; වැඩදායක.
සුබද්ධ
1. වි. මැනවින් බැන්ද ; මොනවට බඳනා ලද.
2. වචන වශයෙන් බඳනා ලද ; මැනවින් රචනා කළ.
සුබදා
වි. ශුභ දානය කරන ; අභිමත ශුභසිද්ධිය ඇති කරන.
සුබල
වි. මනා වීර්ය ඇති ; ථාම සම්පන්න.
සුබල අක්වා
(පාරිභා.) නා.ප්ර. නෛට්රික් ඇසිඩ් නම් අම්ලය.
සුබස
නා. යහපත් වචනය ; මනා බස.
සුබසර
නා. මනා හැසිරීම ; ශුභාචාරය.
සුබසාධක රාජ්යය
නා. සුබ සාධනය අරමුණු කරගෙන සමාජවාදී පිළිවෙත් ක්රියාවෙහි යොදවන රාජ්යය.
සුබසෙත
නා. යහපත හා ශාන්තිය.
සුබ්බච
වි. අවවාදයට නැමෙන ; සුවච.
සුබාසුබ
නා. සුබ හා අසුබ ; යහපත හා අයහපත.
සුබැසි
වි. යහපත් සේ කියූ ; සුභාෂිත.
නා.ප්ර. යහපත් වචනය ; මනා තෙපුල.
සුබැසියා
නා. සුභාෂිත වචන කථා කරන්නා ; ප්රණීත බස් පවසන්නා.
සුබුක්ක
1. නා. කම්මුල ; කපෝලය.
2. කටට ගත් ආහාර ප්රමාණය.
සුබුකු පහයින්
නා.ප්ර. කොපුල් තල සැරසීම්, මුහුණ සැරසීම සඳහා ගැනෙන වත්සුනු ආදි ප්රසාධන ද්රව්ය.
සුබෙරිභවනය
(පාරිභා.) නා. ශාක සෛල බිත්ති තුළට සුබෙරින් විසරණය වීම හේතුවෙන් ජලයෙන් විසරණය නොකළ හැකි වන සෙ පටලයක් බවට පෙරළීම.
සුබෝ
වි. යහපත් ; වාසනාවන්ත.
සුබෝධ
වි. පහසුවෙන් අවබෝධ කළ හැකි ; සුගම.