සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1847
සුසංගමය
(පාරිභා.) නා. අනුකූලතාව ; අනුරූප බව ; එකගතාව.
සුසංනායකය
(පාරිභා.) නා. තාපය, විදුලිය ආදිය පහසුවෙන් ගෙන යා හැකි දෙය ; ඉතා හොඳ සන්නායකය.
සුසංයම
වි. මනා සේ හික්මුණු ; මැනවින් සංවර ; දැඩි සංයමයෙන් යුත්.
සුසංරක්ෂිත
වි. මනා ව ආරක්ෂා කරන ලද ; සංරක්ෂිත.
සුසංවිහිත
වි. මනා සේ හික්මුණු ; මැනවින් සංවර වූ ; දැඩි සංයමයෙන් යුත්.
සුසංවෘත
වි. මනා සේ සංවරණය කරන ලද ; මැනවින් අවුරන ලද ; හොඳින් වැසූ.
සුසංස්කෘත
වි. හොඳින් යොදන ලද ; මනා කොට සකස් කරන ලද.
සුසංහත
වි. මනා ව අංග එක් වූ ; සියලු අංගවලින් එකිනෙක මනා ව බැඳුණු.
සුසංහිත
වි. මනා ව ගැළපුණු ; මනා ව යෙදුණු.
සුසංහිත කුලකය
(පාරිභා.) නා. කිසියම් නීතියක් අනුව එක් වර්ගයකට වෙන් කළ හැකි සංඛ්‍යා කාණ්ඩය ; මැනවින් සම්බන්ධ වූ කුලකය.
සුසජ්ජිත
වි. මනා සේ සැදුණු ; මැනවින් සැදුම්ලත් ; සුසැදුණා වූ.
සුසණ්ඨාන
වි. මනා සටහනින් යුතු ; යහපත් සටහන් ඇති.
සුසණ්ඨිත
වි. ඉතා මැනවින් පිහිටි ; අතිශයින් යහපත් ව ප්‍රතිෂ්ඨාපිත.
සුසන්
වි. මනා සේ වැසුණු ; සුච්ඡන්න.
සුසන්නද්ධ
වි. මනා ව සන්නද්ධ වූ ; මැනවින් යුදට සැරසුණු.
සුසමාගත
වි. මනා සේ එක්තැන් වූ ; මැනවින් එක් වූ.
සුසමායෝජනය
(පාරිභා.) නා. ඉතා හොඳින් ගැළපෙන පරිදි සකස් කිරීම ; හොඳින් සමායෝජනය කිරීම.
සුසමාහිත
වි. මැනවින් එකඟ වූ ; මනා ව සන්සුන් වූ.
සුසර
වි. තාරතාවට හෝ සංඛ්‍යාතයට හෝ ඉතා නිවැරැදි ව සකස් වූ ; නිවැරදි ව හඬ ගැළපූ.
සුසරණය
නා. ශබ්දය හෝ තාලය නිසි ලෙස සකස් කිරීම.
සුස්කය
1. නා. වියළීම ; වියළිබව.
2. වියළි දෙය.
සුස්තරය
(පාරිභා.) නා. සෛල තට්ටුව ; හත්තක ඇති කරමල් වැනි තහඩුවලින් එකක්.
සුස්ථාව
නා. මනා ව සුවවීම.
සුස්ථිත
වි. මනා සේ සිටි ; මනා සේ වූ.