සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1848
සුස්ථිර
වි. වඩා ස්ථිර ; බොහෝ සේ තහවුරු වූ.
සුස්නායුක
(පාරිභා.) වි. සංමිතික ස්නායු පද්ධතියක් ඇති.
සුසාන භූමිය
නා. සොහොන් පිට්ටනිය ; සොහොන් බිම මළ සිරුරු දවන හෝ මිහිදන් කරන භූමිය.
සුසැටබරණ
නා.ප්‍ර. ආභරණ හැට හතර.
සුසිනිඳු
වි. බොහෝ මෘදු.
සුසිර
1. නා.ප්‍ර. සිදුර ; ගුල ; විවරය.
2. පංචතූර්ය වාද්‍ය භාණ්ඩයන්ගෙන් එකක් ; සුළං පිඹීමෙන් විවිධ ස්වර නංවාගත හැකි වාද්‍ය භාණ්ඩ වර්ගය.
සුසිරිත
1. නා. යහපත් හැසිරීම ; යහපත් චර්යාව.
2. යහපත් සිරිත ; චාරිත්‍රය.
සුසිල
වි. යහපත් සීලයෙන් යුක්ත.
සුසුම
නා. හුස්ම ; ආශ්වාස ප්‍රශ්වාස වාතය.
සුසුම්ලනවා
ක්‍රි. හුස්ම පිට කරනවා ; චිත්තාවේගයන් ඇති වූ විට තදින් හුස්ම ගෙන පිට කරනවා.
සුසුරු
1. නා.ප්‍ර. සිදුර; සුසිරය.
2. හොඬවැල.
3. මාමා.
සුහද
වි. හිතවත් ; හිතෛෂී.
සුහු
වි. සුදුසු ; යෝග්‍ය.
සුහුණා
නා. උරග ගණයට අයත් කුඩා සතෙක් ; හූනා.
සුහුඹු
නා.ප්‍ර. දෂ්ට කළ අත ; දළය.
සුහුඹුල්
වි. හොඳින් වැඩුණා වූ ; මනා ව මේරූ.
සුහුඹුලා
නා. වැඩුණු සතා ; මේරූ සතා.
සුහුරා
1. නා. භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ පියා ; මාමා.
2. සසුරයා ; මස්සිනා.
සුහුරුබඩු
1. නා.ප්‍ර. මාමාගේ පුතා ; මස්සිනා.
2. මාමාගේ දියණිය ; නෑනා.
සුහුල්
නා.ප්‍ර. බිරිඳගේ හෝ සැමියාගේ මව හෝ පියාගේ සහෝදරිය ; නැන්දා ; බුහුණනිය.
සුහෘත්
වි. මිත්‍ර ; හිතෛෂී.
නා.ප්‍ර. යහපත් සිතක් හෙවත් හෘදයක් ඇත්තා ; මිත්‍රයා.
සුළ
1. නා. ගිනිදළුව ; ගිනිහුළ.
2. සහෘදයා ; මිත්‍රයා.
සුළං
සුළඟ බ.
සුළං කපොල්ල
නා. කඳු දෙකක් අතර සුළං තෙරපෙමින් හමා යන විවරය.