සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1849
සුළං පෙත්ත
(පාරිභා.) නා. සුළගේ දිශාව දක්වන උපකරණයක්.
සුළං මුවාව
(පාරිභා.) නා. යම් ප්‍රදේශයක සුළං පැත්ත හෝ දිශාව.
සුළං මූණත
නා. සුළඟ මුහුණපාන පැත්ත හෝ දිශාව.
සුළඟ
නා. එක් තැනක සිට තවත් තැනකට ගලා යන වායු ධාරාව ; හමා යන වාතය ; හුළඟ.
සුළඟල්ල
නා. අත් පාවල ඇති කුඩා ම ඇඟිල්ල.
සුළි සුළඟ
නා. භ්‍රමණය වෙමින් හමන සුළඟ ; වාසුළිය.
සුළිය
නා. වාතය, ජලය, කෙස් ආදියෙහි දඟරයක් මෙන් කැරකැවෙන වටය ; ආවර්තනය ; වකරැල්ල.
සුළු
1. වි. කුඩා ; පුංචි.
2. ප්‍රමාණයෙන් ඉතා අල්ප වූ ; මඳ ; ගණන්ගත නොහැකි.
3. සරල ; සාමාන්‍ය.
නා.ප්‍ර. කොණ්ඩය.
සුළු අක්ෂය
(පාරිභා.) නා. කේතුකයෙහි මහා අක්ෂයට ඍජුකෝණික ව පවතින අක්ෂය.
සුළු ආසියාව
නා. තුර්කියට ව්‍යවහාර වූ නාමයක්.
සුළු කර්මාන්ත
නා.ප්‍ර. විශාල පරිමාණයේ නොවන කුඩා කර්මාන්ත.
සුළු කැඳ
නා.ප්‍ර. සහලින් පිසූ කැඳ ; උළු කැඳ.
සුළු කෝණය
(පාරිභා.) නා.ප්‍ර. අංශක 90ට, එනම් සෘජු කෝණයකට වඩා අඩු කෝණය.
සුළු ජාතිය
නා. රටක ප්‍රධාන ජන කොට්ඨාසයට අමතර ව, සංඛ්‍යාවෙන් අඩු ප්‍රමාණයෙන් එහි වසන ජන වර්ගය.
සුළු දිය
1. නා.ප්‍ර. ඩාදිය ; ඩාබිඳු.
2. මූත්‍රා.
සුළු නගර සභාව
නා. කුඩා නාගරික ප්‍රදේශ පාලනය කරන සභාව.
සුළු පරිමාණ
වි. සුළු ප්‍රමාණයෙන් වූ ; මහා පරිමාණ නොවූ.
සුළු පියා
1. නා.ප්‍ර. පියාගේ බාල සහෝදරයා ; බාප්පා.
2. මවගේ දෙවන පුරුෂයා ; බාප්පා.
සුළු පොලිය
නා. මුල් මුදලට පමණක් ලැබෙන පොලිය.
සුළු බෝග
නා.ප්‍ර. සුළු ප්‍රමාණයකින් වගා කරන අමතර බෝග ; විශාල වශයෙන් වගා නොකරන බෝග.
සුළු මව
1. නා. පියාගේ දෙවැනි විවාහයේ භාර්යාව ; කුඩම්මා.
2. මවගේ බාල සොහොයුරිය ; පුංචි අම්මා.
සුළු මුදල්
(පාරිභා.) නා.ප්‍ර. එදිනෙදා වියදම් සඳහා වෙන් කරන ලද මුදල්.
සූ
1. නා.ප්‍ර. නූල ; සූත්‍රය.
2. සූපය ; ව්‍යඤ්ජනය.
3. අරක්කැමියා.
4. හතර.
සූකර මද්දවය
1. නා. තරුණ ඌරන්ගේ මාංශය.
2. හතු වර්ගයක් හෝ ලපටි ඌරු මස් වලින් සාදනු ලැබූ රසායනික සංයෝගය.