සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1850
සූකරයා
නා. ඌරා.
සූක්ෂ්ම
1. වි. ඉතා සියුම් ; සිනිඳු ; සිහින් ; ගොරහැඩි නොවූ.
2. ඇසට නොපෙනෙන තරම් ; ඉතා කුඩා.
සූක්ෂ්ම දර්ශකය
නා. ඉතා කුඩා දෙයක් ලොකු කොට දක්වන කණ්ණාඩි විශේෂය ; අණු දක්නය.
සූක්ෂ්ම වගාව
(පාරිභා.) නා. උපරිම අස්වැන්නක් ලැබීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බෝග වගාව.
සූක්ෂ්මවේදී
වි. ඉතා සියුම් ලෙස දකින ; වහා හැඟීම් ඇතිවන ; සංඥා ප්‍රකාශක.
සූක්ෂ්මාණු
නා.ප්‍ර. සියුම් අණු.
සූකිරි
නා.ප්‍ර. ශර්කරා විශේෂයක්; ඉතා පැණි රසැති තද, දියවෙන සුලු කැට වර්ගයක්.
සූචක
වි. ප්‍රකාශ වන ; දක්වන.
සූචකය
1. නා. පෙන්වීමට ගන්නා කූර හෝ උපකරණය.
2. දර්ශකය ; යමක් පෙන්වා දෙනු ලබන්න.
සූචනය
නා. ප්‍රකාශ කිරීම ; දැක්වීම ; පැවසීම.
සූචිත
වි. පවසන ලද ; පෙන්වන ලද ; හඟවන ලද.
සූචිය
1. නා. මැසීම සඳහා ගැනෙන සිහින් තුඩක් ඇති කූර ; ඉදිකටුව.
2. ග්‍රන්ථයක ඇතුළත් වැදගත් විෂය අකාරාදි ව දක්වනු පිණිස ග්‍රන්ථය අවසානයේ සකස් කර ඇති සටහන ; අනුක්‍රමණිකාව ; සූචි පත්‍රය.
3. යතුර.
4. සැත්කම් සඳහා භාවිත කරන ආයුධයක්.
සූචිරූපී
(පාරිභා.) වි. ඉදිකටුවක් මෙන් සිහින් වූ හා උල් වූ.
සූචිස්ඵටිකය
(පාරිභා.) නා. ශාක සෛලවල ඇති කැල්සියම් ඔක්සලේට්වලින් සමන්විත දිග ඉදිකටු වැනි ස්ඵටිකය.
සූතක
නා.ප්‍ර. රසදිය.
සූත්‍ර
නා.ප්‍ර. සූත්‍රය බ.
සූත්‍ර අටුවා
නා.ප්‍ර. සූත්‍ර පිටකයෙහි එන පාලි සූත්‍රවලට ලියන ලද අර්ථ කථාව ; ත්‍රිපිටකයෙහි එන සූත්‍රවලට ලියූ විවරණය.
සූත්‍ර නිපාතය
නා. සූත්‍ර පිටකයේ කුදුගොත් සඟියට අයත් ධර්ම ග්‍රන්ථය.
සූත්‍ර පාඨය
නා. සූත්‍රයක ප්‍රධාන ඛණ්ඩය.
සූත්‍රකරණය
නා. සංකේතවලින් දැක්වෙන ගණිත නියමයක්.
සූත්රගුල
නා. නූල් පන්දුව ; නූල් බෝලය.
සූත්රජලක්ලෝමය
(පාරිභා.) නා. සෛල වැලකින් සමන්විත ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය.
සූත්‍රදේශනා
නා.ප්‍ර. ත්‍රිපිටකයෙහි දැක්වෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසය.
සූත්‍රධර
1. නා.ප්‍ර. නූලක් පැලඳ සිටින්නා ; නූලක් අතින් දරන්නා.
2. සූත්‍ර ධර්ම දන්නා තැනැත්තා ; සූත්‍ර ධර්ම හැදෑරූ තැනැත්තා.
3. අධිකරණ නීති දරන්නා.
4. සංස්කෘත නාට්‍ය කලාවේ වේදිකාවට පැමිණ නාට්‍යය හඳුන්වා දෙන තැනැත්තා ; පොතේ ගුරා.