සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1851

සූත්‍රධාරි

වි. නූලක් දරන ; හුයක් දරන.
1. නා.ප්‍ර. පොතේ ගුරා.
2. ලී බඩු තනන්නා ; වඩුවා.

සූත්‍රපිටකය

නා. ත්‍රිපිටක ධර්මය ඇතුළත් එක් ධර්ම පිටකයක නාමය.

සූත්‍රය

1. නා. නූල ; රැහැන ; හුය ; ලණුව.
2. කම්බිය.
3. බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ධර්ම කොට්ඨාසයක් ඇතුළත් සූත්‍ර පිටකයේ සංගෘහිත දේශනා.
4. ව්‍යාකරණ විධි නීතියෙහි ප්‍රකාශිත වාක්‍යය.
5. දැක්වෙන යම් යම් කරුණු ගොනුකොට පෙන්වන තැන්.
6. යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවන යම් යම් කොටස්.
7. (පාරිභා.) අණුවක ඇති පරමාණුවල ස්වභාවය සහ සංඛ්‍යාව අකුරු හා ඉලක්කම් භාවිත කොට ප්‍රකාශ කිරීම.
8. වීජ ගණිතමය නියමයක්.
9. නූල් වැනි කෙඳි.
10. උපාය ; රැවටිල්ල.

සූත්‍රල

(පාරිභා.) වි. තන්තුමය ; කෙඳි සහිත.

සූත්‍රිකාව

(පාරිභා.) නා. 1. මල් රේණුවක කොටස් දෙකෙන් එකක් ; සිහින් නූලක් මෙන් වූ එකක් පස්සේ එකක් සිටින පරිදි ඈඳුණු සෛල වැල ; රේණුවක දණ්ඩ.
2. මත්ස්‍ය ආදීන්ගේ ශරීරයෙහි ඇති (කරමලෙහි) කෙඳි වැනි කොටස.
3. (පාරිභා.) විදුලි බල්බය තුළ ගිනියම් වන සිහින් ලෝහ කම්බිය.

සූති

(පාරිභා.) වි. ඉපදීම පිළිබඳ වූ ; ජනිතවීම සම්බන්ධ.

සූතිකාගාරය

නා. දරු ප්‍රසූතිය සිදුවන කුටිය ; තිඹිරිගෙය ; මාතෘ නිවාසය.

සූතිකාව

නා. අලුත දරුවකු බිහි කළ ස්ත්‍රිය.

සූදය

නා. ව්‍යඤ්ජනය.

සූදු අන්තුවා

නා. සූදුවට බෙහෙවින්ම ඇබ්බැහි වූ තැනැත්තා.

සූදු කෙළිය

නා. දූ කෙළිය.

සූනියම

නා. මන්ත්‍ර ගුරුකම් බලයෙන් කෙනෙකු නැසීමට හෝ පීඩාකිරීමට හෝ කරන ක්‍රියාව ; කොඩිවිනය.

සූනුව

නා. දුව ; දුවණිය.

සූප ශාස්ත්‍රය

නා. ආහාර පිළියෙල කර පිසීමේ ශිල්පය ; ඉවීමේ ශාස්ත්‍රය.

සූපය

1. නා. එළවළු, මස් කටු ආදිය තම්බා සාදාගනු ලබන පානය.
2. දියාරු නැති ව්‍යංජනය ; නියඹලාව ; මාලුව.
3. භාජනය ; වළඳ.

සූප්පුව

නා. ළදරුවන්ට ද්‍රව ආහාර බෝතලයකින් පෙවීමේ දී භාවිත කරන පුඩුව.

සූරතා විභාගය

නා. දක්ෂ භාවය සොයා බැලීම සඳහා පැවැත්වෙන පරීක්ෂණය.

සූරතාව

නා. දක්ෂතාව ; සාමර්ථ්‍යය ; හපන්කම.

සූරන තහඩුව

(පාරිභා.) නා. යමක මතුපිට ඇති අනවශ්‍ය කොටස් සූරා ඉවත් කිරීමට භාවිත කරන වඩු උපකරණය.

සූරනය

නා. සීරීමට ගන්නා උපකරණය ; හූරන ආයුධය.

සූරනවා

1. ක්‍රි. පහුරු ගානවා ; නිය හෝ එවන් උල් මෙවලමක් මඟින් හූරනවා.
2. පතුරක්, තලයක් වැනි දෙයක් උපයෝගී කරගෙන පෘෂ්ඨයක ඇති අනවශ්‍ය දෙය උලා ඉවත් කරනවා.

සූරයා

ශූරයා බ.

සූරවීර

වි. දක්ෂ වූ ; වීරත්වයෙන් යුක්ත වූ ; අතිදක්ෂ හා නිර්භීත වූ.

සූර්ය කාලය

නා. පෘථිවිය සූර්යයා වටේ පරිවර්තනය වීමේ සම්බන්ධයෙන් තීරණය වන ගණිත කාලය.