අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 369
සුලමුල
නා.ප්‍ර. වගතුග; තොරතුරු
සුලලිත
වි. ඉතා සුන්දර; මනහර (සං. සුලලිත)
සුලු
වි. ස්වභාවය ඇති (සං. ශීල)
සුලෝහිත
වි. තද රතු පැහැති
සුවච
වි. මනා ව හික්මුණු (පා. සුවච)
සුවඳ
වි. සිතට ප්‍රිය උපදවන ගන්ධය (පා. සං. සුගන්ධ)
සුවඳ විලවුන්
නා.ප්‍ර. සුවඳ ආලේප වර්ග
සුවිනීත
වි. මැනවින් හික්මුණු (සං. සුවිනීත)
සුවිමල
වි. අතිනිර්මල වූ (සං. සුවිමල)
සුවිශද
වි. ඉතා පැහැදිලි (සං. සුවිශද)
සුවිශාල
වි. ඉතා ලොකු (සං. සුවිශාල)
සුවිශිෂ්ට
වි. ඉතා විශිෂ්ට; අතිශයින් උතුම් (සං. සුවිශිෂ්ට)
සුවිශුද්ධ
වි. ඉතා පිරිසිදු (සං. සුවිශුද්ධ)
සුවිශේෂ
වි. අන්‍ය දේවලින් වෙන් කෙරුණු
සුශ්‍රැත
වි. මනා කොට අසන ලද (සං. සුශ්‍රැත)
සුශ්‍රැත සංහිතාව
නා. සංස්කෘත ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක නාමය (සං. සුශ්‍රැත සංහිතා)
සුශික්ෂිත
වි. මනා සේ හික්මුණු (සං. සුශික්ෂිත)
සුශීල
වි. යහපත් ශීලයෙන් යුතු (පා. සුසීල සං. සුශීල)
සුෂිර
නා.ප්‍ර. කුහරය; සිදුර/ වායුධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. සුෂිර, ශුෂිර පා. සුසිර)
සුෂුම්නාව
නා. කොඳු ඇට පෙළ දක්වා දිවෙන ස්නායු රැහැන (සං. සුෂුම්නා)
සුසංවෘත
වි. මනා ව වැසූ (සං. සුසංවෘත)
සුසාධ්‍ය
වි. මැනවින් සිද්ධ කළ හැකි (සං. සුසාධ්‍ය)
සුසාන භූමිය
නා. සොහොන් බිම
සුසානය
නා. මිනී දවන හෝ වළලන හෝ භූමිය (පා. සුසාන)