අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 370

සුසිනිඳු

වි. මනා සේ සිනිඳු (සං. සුස්නිග්ධ)

සුසිර

නා.ප්‍ර. සිදුර; ඡිද්‍රය/ නළා ආදි සිදුර සහිත වාද්‍ය භාණ්ඩ විශේෂය (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)

සුසුම්ලනවා

ක්‍රි. දුක් මුසු ව ශබ්ද ගැන්වෙන සේ හුස්ම පිට කරනවා

සුහුඹුල්

වි. හොඳින් වැඩුණා වූ

සුහුරුබඩු

නා.ප්‍ර. මාමාගේ පුතා; මස්සිනා/ මාමාගේ දියණිය; නෑනා

සුළං කපොල්ල

නා. කඳු දෙකක් අතර ඉඩ කොටස

සුළඟ

නා. එක් තැනක සිට තවත් තැනකට ගලා යන වායු ධාරාව

සුළඟිල්ල

නා. අත්පාවල ඇති කුඩා ම ඇඟිල්ල

සුළිය

නා. සුළං, ජලය, ලෝම ආදියේ කේතුවක හැඩයෙන් යුත් කරකැවීම

සුළිසුළඟ

නා. භ්‍රමණය වෙමින් හමන සුළඟ; විශාල වාසුළිය

සුළු

වි. කුඩා; පුංචි (පා. චූළ, චුල්ල)

සුළු කෝණය

නා. අංශක 90ං ට අඩු කෝණය

සුළු ගුණාකාරය

නා. සංඛ්‍යා කීපයකින් ශේෂයක් නැති ව බෙදිය හැකි ඉතා ම කුඩා සංඛ්‍යාව

සුළු ජාතිය

නා. රටක වෙසෙන ජන වර්ග අතුරෙන් සංඛ්‍යාත්මක ව අඩු ජන වර්ගය

සුළු පරිමාණ

වි. විශාල නොවූ

සුළු පොලිය

නා. මුල් මුදලට පමණක් ලැබෙන පොලිය

සුළු මුදල්

නා.ප්‍ර. සුළු වියහියදම් සඳහා වෙන් කළ මුදල්

සුළුතරය

නා. අඩු පිරිස; අඩු ප්‍රමාණය

සුළුදිය

නා.ප්‍ර. මූත්‍රා/ ඩාදිය

සුළුපටු

වි. කුඩා; අල්ප

සුළුපියා

නා. පියාගේ බාල සහෝදරයා/ මවගේ දෙවන පුරුෂයා (පා. චුල්ලපිතා)

සුළුමව

නා. මවගේ බාල සහෝදරිය/ පියාගේ දෙවන භාර්යාව (පා. චූළමාතා)

සූකරයා

නා. ඌරා (සං. සූකර)

සූක්ෂ්ම

වි. ඉතා සියුම්; ඇසට නොපෙනෙන තරම් කුඩා (සං. සූක්‍ෂම)