අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 371

සූචක

වි. ප්‍රකාශ වන; දක්වන (සං. සූචක)

සූචනය

නා. ප්‍රකාශය; දැක්වීම (සං. සූචන)

සූචිපත්‍රය

නා. ග්‍රන්ථයක සමහර වචන අකාරාදි කොට සකස් කරන ලේඛනය (සං. සූචිපත්‍ර)

සූචිය

නා. ඉදිකටුව/ අනුක්‍රමණිකාව (සං. සූචි)

සූත්‍රධර

නා.ප්‍ර. සූත්‍ර ධර්ම හැදෑරූ තැනැත්තා/ නූලක් අතින් දරන්නා (සං. සූත්‍රධර)

සූත්‍රපාඨය

නා. සූත්‍රයක ප්‍රධාන ඛණ්ඩය (පා. සුත්තපාඨ)

සූත්‍රපිටකය

නා. ත්‍රිපිටක ධර්මය ඇතුළත් එක් ධර්ම පිටකයක නාමය (පා. සුත්තපිටක)

සූතිකාගාරය

නා. දරු ප්‍රසූතිය සිදුවන ස්ථානය; තිඹිරිගෙය (සං. සූතිකාගාර)

සූදානම

නා. පිළියෙල කිරීම; පිළියෙල වීම (දෙ. சூதானம்)

සූදු කෙළිය

නා. දූ කෙළිය (දෙ. சூது)

සූදුපළ

නා.ප්‍ර. සූදු ක්‍රීඩාව කරන ස්ථානය

සූනියම්

නා.ප්‍ර. මන්ත්‍ර ගුරුකම් බලයෙන් කෙනකුට පීඩා කිරීමට කරන ක්‍රියාව (දෙ. சூனியம்)

සූපශාස්ත්‍රය

නා. ආහාර පිළියෙල කර පිසීමේ ශාස්ත්‍රය (සං. සූපශාස්ත්‍ර)

සූර්ය නමස්කාරය

නා. හිරුදෙවි වැඳීම/ ව්‍යායාම ක්‍රමයක්

සූර්ය මණ්ඩලය

නා. හිරු නම් වූ ආකාශ වස්තුව (සං. සූර්යමණ්ඩල)

සූර්ය වංශය

නා. ප්‍රධාන රාජ වංශයක නාමය (සං. සූර්යවංශ)

සූර්යකෝෂය

නා. සූර්ය කිරණ විදුලියට හරවන මෙවලමක්

සූර්යග්‍රහ මණ්ඩලය

නා. සූර්යයා: එහි බලය හා සම්බන්ධ ග්‍රහයන් හා උපග්‍රහයන්

සූර්යග්‍රහණය

නා. සූර්ය මණ්ඩලය, චන්‍ද්‍ර මණ්ඩලයෙන් වැසී නොපෙනී යෑම (සං. සූර්යග්‍රහණ)

සූර්යයා

නා. හිරු; ඉර (සං. සූර්ය)

සූර්යෝදය

නා.ප්‍ර. හිරු උදාව; ඉර පෑයීම (සං. සූර්යෝදය)

සූර්යෝද්ගමනය

නා. ඉර පෑයීම; හිරු උදාව

සූරී

නා.ප්‍ර. උගත් තැනැත්තා; පණ්ඩිතයා (පා. සං. සූරි)

සූවිසි විවරණය

නා. පෙර සිටි බුදුවරුන් විසිහතර දෙනකුගෙන් බෝසතුන් බුදු වන බවට ප්‍රකාශිත නියත වාක්‍යය