අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 372

සෙංකෝලය

නා. රාජ්‍යත්වයේ සංකේත යෂ්ටිය/ පාර්ලිමේන්තුවේ කථානායක නිල සංකේතය

සෙංගමාලය

නා. පිත් රෝගයක නාමයක්; හෙපටයිටිස්

සෙනඟ

නා. මිනිස් සමූහය (සං. සෙනාඞ්ග)

සෙනසුන

නා. භික්ෂූන් වැඩ සිටින අසපුව (පා. සෙනාසන)

සෙනෙවි

නා.ප්‍ර. සේනාපති; සේනාධිනායක

සෙනෙහස

නා. ආදරය; ප්‍රේමය (පා. සිනෙහ සං. ස්නෙහ)

සෙබළා

නා. යුද්ධභටයා

සෙම්ප්‍රතිශ්‍යාව

නා. සෙම් රෝගයක නාමය

සෙය්‍යාව

නා. නින්ද; නිදා ගැනීමේ ඉරියව්ව (පා. සෙය්‍යා)

සෙයිලම

නා. නගරය (පුර්. ceilao)

සෙල

නා. ගල; ගල් පව්ව (පා. සිලා සං. ශිලා)

සෙලවෙන

වි. චංචල

සෙල්පිළිම

නා.ප්‍ර. ගල් පිළිමය; ශෛලමය ප්‍රතිමාව (පා. සිලාපටිමා)

සෙල්ලම

නා. ක්‍රීඩාව; විනෝද ක්‍රියාව (දෙ. செல்லம்)

සෙලුව

නා. නිර්වස්ත්‍රබව; නග්න භාවය

සෙවණ

නා.ප්‍ර. එළිය ඇහිරීම නිසා සිදු වන ආවරණය; අව්වෙන් තොර තැන/ රැකවරණය

සෙවණැල්ල

නා. ආලෝකය නිසා ඇති වන යම් වස්තුවක ඡායාව

සෙවණිය

නා. සෙවණ/ වන ළැහැබ

සෙවල

නා. තෙත ගතිාය ඇති තැන්වල හටගන්නා ලිස්සන ගතියෙන් යුත් කොළ පැහැති ද්‍රව්‍යය (පා. සෙවාල සං. ශෛවාල)

සෙවිලි

නා.ප්‍ර. වැසීම; විපරම/ සොයා බැලීම

සේතුව

නා. ඒදණ්ඩ (පා. සං. සෙතු)

සේනාංකය

නා. සේනාවේ කොටස; බල ඇණිය

සේනාධිනායක

නා.ප්‍ර. හමුදාවේ ප්‍රධානයා