අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 373
සේනාධිපති
නා.ප්‍ර. සේනාවෙහි අධිපතියා
සේනාසන
නා.ප්‍ර. සෙනසුන (පා. සෙනාසන)
සේමිණී
නා.ප්‍ර. සුදු පාට මැණික; ස්ඵටික මාණික්‍යය
සේයාපටල
නා.ප්‍ර. ඡායාරූප ගැනීමට ගන්නා පටල
සේරිවාණිජ
නා.ප්‍ර. විකිණීම සඳහා බඩු රැගෙන තමා කැමති පෙදෙස්වල ඇවිදින වෙළෙන්දා
සේලචෛත්යය
නා. ගලින් කළ දාගැබ
සේලය
නා. ඉණ වටා අඳින රෙද්ද (දෙ. சேலம்)
සේවනය
නා. ඇසුරු කිරීම; නියැළීම; යෙදීම (පා. සං. සෙවන)
සේව්‍ය
වි. සේවනය කළ යුතු; ඇසුරු කළ යුතු නා.ප්‍ර. සේවා හිමියා; ස්වාමියා (සං. සෙව්ය)
සේවා නියුක්තිය
නා. රැකියාවක නිරත ව සිටීම
සේවා භුක්තිය
නා. මහනුවර යුගයේ පැවති ඉඩම් භුක්ති විඳීමේ ක්‍රමයක්
සේවා මුක්ත
වි. සේවාවෙන් මිදුණු
සේවාර්ථියා
නා. සේවා අපේක්ෂකයා
සේවාස්ථ
වි. සේවාවේ යෙදී සිටින
සෛද්ධාන්තික
වි. න්‍යාය ප්රමුඛ කොට ගත් තර්කයට අනුව කරනු ලැබිය හැකි
සෛන්ධව
වි. සින්දු දේශයට හෝ සින්ධු නදියට සම්බන්ධ වූ (සං. සෛන්ධව)
සෛල
නා.ප්‍ර. ශාක හා සත්ත්ව ශරීර සෑදී ඇති ප්‍රාක්ප්ලාස්මයෙන් හා න්‍යෂ්ටියකින් යුක්ත ඒකකය
සෛල පටලය
නා. ප්‍රාක් ප්ලාස්මයේ බාහිර සීමාව සාදන ඉතා සියුම් පටලය
සොඬවැල
නා. හොඬවැල; ඇත් සොඬය (පා. සොණ්ඩා සං. ශුණ්ඩා)
සොඳුර
නා.ප්‍ර. යහපත් කාන්තාව (සං. සුන්දරි)
සොඳුරු
වි. යහපත්; මනහර (සං. සුන්දර)
සොබන
වි. බබළන; යහපත් (සං. ශොභන)
සොබාදහම
නා. ස්වභාව ධර්මය
සොබාව
1. නා. ශෝභාව (සං. ශොභා පා. සොබා) 2. ස්වභාවය; නිසර්ග බව (සං. ස්වභාව)