අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 374

සොමිකිරණ

නා.ප්‍ර. සෞම්‍ය වූ කාන්තිය; සඳරැස්

සොමිගුණ

නා.ප්‍ර. සෞම්‍ය වූ ගුණය; මෘදු ගුණය

සොර මුළ

නා. සොරුන් සමූහය

සොලවනවා

ක්‍රි. යමක් තිබූ තැනින් ඉවත් කරනවා (පා. සං. චාලෙති)

සොහොන

නා. මළ මිනී වළලන හෝ දවන හෝ තැන (පා. සුසාන)

සොහොන් කණුව

නා. සමරුවක් ලෙස මිනී වළ මත සිටුවන කණුව

සොහොන්පළ

නා. සොහොන් බිම

සොළස

නා. දහසය (පා. සොළස සං. ෂොඩශ)

සොළී

නා.ප්‍ර. දකුණු ඉන්දියාවේ බටහිර දෙස පිහිටි ප්‍රදේශයක්/ චෝළ ජන වර්ගය (පා. චොඩ සං. චොල, චොඩ)

සොළොස්මස්ථාන

නා.ප්‍ර. බුදුරදුන් වැඩියා යැයි සැලකෙන ලංකාවේ පිහිටි පූජනීය ස්ථාන දහසය

සෝකය

නා. කනගාටුව; චිත්තසන්තාපය (පා. සොක සං. ශොක)

සෝතාපත්ති

නා.ප්‍ර. ශ්‍රෝතාපත්ති

සෝතාපන්න

වි. නිවන් මඟට බැසගත් (පා. සොතාපන්න)

සෝතේන්ද්‍රිය

නා.ප්‍ර. කන නැමති ඉන්ද්‍රිය (පා. සොතින්‍ද්‍රිය)

සෝදාපාළුව

නා. වර්ෂාවට පස සෝදාගෙන යෑම; පාංශු ඛාදනය

සෝදුපත

නා. ලේඛනයක මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමට දෙන මුල් පිටපත (සං. ශොධ්‍යපත්‍ර)

සෝපධිශේෂ

වි. උපධි සංඛ්‍යාත පංචස්කන්ධයෙන් යුතු (පා. සොපධිසෙස)

සෝපාන

නා.ප්‍ර. තරප්පුව; පියගැට පෙළ (පා. සං. සොපාන)

සෝබන

වි. මනහර වූ; අලංකාර (පා. සොභන සං. ශොභන)

සෝභිත

වි. සරසන ලද; මනහර (පා. සොභිත සං. ශොභිත)

සෝමන

නා. පුරාණයේ අඳින ලද ඇඳුම් විශේෂයක්

සෝලි

නා.ප්‍ර. වැරැද්ද; කරදරය; චෝදනාව

සෝලුව

නා. සැරයටිය/ මලින් කළ සැරසිල්ල/ නළල් පට

සෞඛ්‍යය

නා. සනීපය; සුවය (සං. සෞඛ්‍ය)

සෞඛ්‍යාරක්ෂක

වි. සනීපය ආරක්ෂා කරන