අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 375

සෞගත

වි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ (සං. සෞගත)

සෞගන්ධික

වි. සුවඳින් යුත් (සං. සෞගන්‍ධික)

සෞත්‍රාන්තික

වි. සූත්‍ර පිටකය හදාරන හෝ දරන; සූත්‍රයන්ට සම්බන්ධ (සං. සෞත්‍රාන්තික)

සෞන්දර්යය

නා. අලංකාරය; සුන්දර බව (සං. සෞන්දර්ය)

සෞභාග්‍යය

නා. සම්පත; ඓශ්වර්යය (සං. සෞභාග්‍ය)

සෞභාග්‍යවත්

වි. සම්පත් ඇති (සං. සෞභාග්‍යවත්)

සෞම්‍ය

වි. මෘදු භාවය ඇති; සොමිගුණයෙන් යුත් (සං. සෞම්‍ය)

සෞරග්‍රහ මණ්ඩලය

නා. සූර්යයා ප්‍රධාන කොට ඇති ග්‍රහ මණ්ඩලය

හකුළනවා

ක්‍රි. වකුටු වෙනවා; අකුළනවා/ කෙටි කරනවා (පා. සං. සඞ්කුටති)

හඟළ

නා. දෙක; ජෝඩුව/ බලි ඇදුරන්, යක්දෙස්සන් ආදින් දෙමාලයක් සේ ඉණ වටා අඳින රෙද්ද (පා. සඞ්ඝාටි)

හණ

නා.ප්‍ර. ශාකයක නාමය (පා. සණ සං. ශණ)

හණ මිටිය

නා. හණ කෙඳි රාශියක් එකට තබා බැඳගත් මිටිය

හණගල

නා. ආයුධ මුවහත් තැබීමට ගන්නා ගල් විශේෂයක්

හණික

නි. වහා; ඉක්මන; කඩිනම (සං. ක්‍ෂණික)

හඬ

නා. ශබ්දය; අඬ

හඬ තළනවා

ක්‍රි. හයියෙන් කෑගසනවා; මොරදෙනවා

හඬලනවා

ක්‍රි. හඬ නඟා කියනවා; කෑගහනවා; නාද කරනවා

හතළිස

නා. එනම් සංඛ්‍යාව (පා. චත්තාරීස, චත්තාළීස ප්‍රා. චත්තාලීසං)

හත්තිළව්ව

නා. අනිෂ්ට, අශුභ සිද්ධිය

හත්ථාළ්හක

නා.ප්‍ර. අනුරාධපුරයෙහි පිහිටි මෙහෙණවරක නාමය (පා. හත්‍ථාළ්හක)

හත්මාළුව

නා. එළවළු, අල ආදි සත් වර්ගයකින් යුත් ව්‍යංජනය

හදාරනවා

ක්‍රි. අධ්‍යයනය කරනවා

හදාළ

වි. ‘හදාරනවා’ යන්නෙහි අතීත කෘදන්තය

හන

නා. සලකුණ (සං. සංඥා)