අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 376

හනස්ස

නා. පොල් මල ආවරණය වූ කොපුව

හනික

නි. හණික

හනුමා

නා. වානර සේනාපතියකුගේ නාමය (සං. හනුමන්)

හනුව

නා. හක්ක (පා. සං. හනු)

හඳහන

නා. ජන්මපත්‍රය

හඳුනනවා

ක්‍රි. මනා ව දන්නවා (පා. සඤ්ජානාති සං. සංජානාති)

හබරල

නා.ප්‍ර. ශාක විශේෂයක්

හබල

නා. ඔරු පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට හෝ උපකාර කරගන්නා අත්ලීය

හබලපෙති

නා. හාල්වලින් සාදා ගන්නා ධාන්‍ය ආහාරයක්

හඹනවා

1. ක්‍රි. ලුහුබඳිනවා 2. සම්බාහනය කරනවා/ කර අඹනවා (පා. සම්බාහති)

හරඹය

නා. කඩු ශිල්පාදිය දැක්වීම; සටන

හර්තාලය

නා. යම් කරුණකට සාමූහික ව විරෝධය පළ කිරීම පිණිස කඩසාප්පු ආදි සේවාස්ථාන වසා දමමින් පෙළපාළි ආදියෙහි යෙදෙමින් කරන විරෝධතාව (හි. හර්තාල්)

හර්ෂණය

නා. සතුට; සතුටුවීම (සං. හර්ෂණ)

හර්ෂය

නා. සතුට; සන්තෝෂය (සං. හර්ෂ)

හරිත

වි. කොළ පැහැති (පා. සං. හරිත)

හරිතප්‍රද

නා.ප්‍ර. පැළෑටිවල කොළ පැහැය ඇති කරන ද්‍රව්‍යය

හරිතවර්ණ

නා.ප්‍ර. කොළ පැහැය

හල

1. නා. ශාලාව (පා. සාලා සං. ශාලා) 2. නගුල (පා. සං. හල)

හලනවා

ක්‍රි. අස් කරනවා; ඉවත් කරනවා/ වෙන් කර ගන්නවා; පෙරනවා/ අසුරණයකින් ධාන්‍ය ආදිය එළිය දමනවා

හලන්ත

වි. ව්‍යංජනාක්ෂරයකින් කෙළවර වන (සං. හලන්ත)

හලඹ

නා. සලඹ/ වළලුකරයෙහි පලඳින ආභරණය (දෙ. சிலம்பு)

හලාහල

1. නා. උග්‍ර විෂ වර්ගයක් (පා. සං. හලාහල) 2. මහා ඝෝෂාව (පා. හලාහල සං. හලහලා)

හවුල

නා. හිමිකරුවන් අතර බෙදා වෙන් නොකළ දෙය; පොදුවේ කොටස්කරුවන් කීප දෙනකුට අයත් වූව/ පොදු අරමුණක් වෙනුවෙන් වූ එකතුව

හසවැල

නා. හංස පේළිය; හංස සමූහය