අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 377
හසළ
වි. හැසුරුණු; පුරුදු කළ; පුහුණු කළ
හස්ත සංඥාව
නා. අත වැනීමෙන් කරන අදහස් හැඟවීම
හස්තය
1. නා. අස්තංගත වීම (සං. අස්ත) 2. අත/ සොඬය (සං. හස්ත පා. හත්ථ)
හස්ත්යාභරණ
නා.ප්‍ර. ඇතුන් සැරසීම පිණිස යොදන ආභරණ
හස්තාභරණ
නා.ප්‍ර. අතේ පලඳින ආභරණ (සං. හස්තාභරණ)
හස්තිශෛලපුරය
නා. ඇතුගල්පුරය
හසුන
1. නා. අසුන (පා. සං. ආසන) 2. නියෝගය/ ලිපිය (පා. සාසන සං. ශාසන)
හළ
වි. අත්හරින ලද/ විවෘත කරන ලද
හළු
නා. යම් ද්‍රව්‍යයක් දැවී ශේෂ වන කුඩු; අළු
හළුව
නා. රෙද්ද; සාටකය (පා. සාටක සං. ශාටක)
හ්රදය
නා. ගැඹුරු දිය වළ; තඩාගය (සං. හ්රද)
හ්‍රස්ව
වි. දික් නොවූ; කෙටි (සං. හ්‍රස්ව)
හානිය
නා. පිරිහීම/ අලාභය/ විනාශය (පා. සං. හානි)
හායනය
නා. පිරිහීම; බැසයෑම (පා. සං. හායන)
හාරනවා
ක්‍රි. පොළොව කනිනවා
හාවභාව
නා.ප්‍ර. නෙත් කොනින් බැලීම ආදි රාගජනක ස්ත්‍රී විලාස
හාස්‍යය
නා. සිනාව/ නව නළු රසයන්ගෙන් එකක් (සං. හාස්‍ය පා. හාස)
හාස්යෝත්පාදනය
නා. සිනා ඉපිදවීම
හැකිළෙනවා
ක්‍රි. ප්‍රමාණයෙන් කුඩා වෙනවා (සං. සංකොචති)
හැඬලය
නා. යන්ත්‍රයක් හැසිරවීමට ඇති උපකරණය (ඉං. handle)
හැඳි අළුව
නා. පොල්කටු හැඳි ආදිය රඳවා තැබීමට පන් ආදියෙන් වියා ඇති රාමුව
හැඳුනුම්පත
නා. පුද්ගල රුව සහිත අනන්‍යතා පත්‍රය
හැඹිලිය
නා. ඉණේ තබාගන්නා කුඩා මලු විශේෂයක නාමය (මල. චමිලි)
හැල
නා. මඩවගුර