අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 378

හැලහොල්මන

නා. නිශ්චල භාවයකින් තොර බව

හැලෙනවා

ක්‍රි. යමක්, උස තැනකින් වැටෙනවා

හැළප

නා.ප්‍ර. සිංහල කැවිලි විශේෂයක්

හැළි

වි. සුදු; ධවල

හැළිය

නා. ආහාර පිසීමාදියට යොදා ගන්නා භාජනය; සැළිය (පා. චාටි)

හිංසනය

නා. පීඩා කිරීම (සං. හිංසන)

හිඟමන

නා. ඉල්ලා ගැනීම/ සිඟා ගත් දෙය

හිඟය

නා. අඩුව; ඌනතාව

හිටි පිළිමය

නා. නැගී වැඩ සිටින ඉරියව්ව දැක්වෙන සේ නිර්මාණය කරන ප්‍රතිමාව

හිණ

1. නා.ප්‍ර. ඉණ; උකුළ; කටී ප්‍රදේශය (පා. සොණි සං. ශ්‍රොණි) 2. ඉණිමඟ; තරප්පුව (පා. නිස්සෙණි සං. ශ්‍රෙණි)

හිණකඩ

නා. ඉණට අඳින රෙද්ද

හිණිකුණා

නා. අපිරිසිදු වස්ත්‍රවල වසන උකුණන් විශේෂයක්

හිණිපාමුල

නා. පඩිපෙළක ආරම්භක ස්ථානය

හිණිපෙත

නා. ඉණිමඟ; සෝපානය

හිණිමග; හිණිමඟ

නා. තරප්පුව; ඉණිමග

හිතලුව

නා. හිතට ආ දෙය; කරුණු රහිත සිතිවිල්ල

හිතාධ්‍යාශය

නා. යහපත් අදහස; හිතකර අදහස

හිතෛෂී

වි. හිතවත්; හිත ඇති; මිත්‍ර (සං. හිතෛෂින්)

හිතෝපදේශය

නා. යහපත පතා දෙන උපදේශය/ සංස්කෘත උපදේශ ග්‍රන්ථයක නාමය (සං. හිතොපදෙශ)

හිදොලුව

නා. දෝලාව

හිමකුළ

නා. හිමාල පර්වතය

හිමපතනය

නා. හිම වැටීම

හිමාලය

නා.ප්‍ර. එනම් කඳුවැටිය

හිරණ්‍ය

නා.ප්‍ර. ශුද්ධ නොකළ රන්; අමුරන් (සං. හිරණ්‍ය)

හිරමනය

නා. පොල් ගෑමට තැනූ දැති සහිත තලයකින් යුත් උපකරණය