අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 379

හිරවරණය

නා. කුඩය; සේසත

හිරුමඬල

නා. සූර්ය මණ්ඩලය (සං. සූර්යමණ්ඩල)

හිල

නා. සිදුර; විවරය

හිලව්ව

නා. යමක් වෙනුවට දෙන හෝ කරන හෝ දෙය

හිස වෙළුම

නා. තලප්පාව

හිස්මොළ

නා.ප්‍ර. මොළය

හීන

වි. නීච; පහත් (පා. හීන) නා.ප්‍ර. සිහිනය (සං. ස්වප්න)

හීනමානය

නා. තමාගේ යම් අඩුපාඩුවක් ඇතැයි සිතා ඉන් පීඩා විඳීම

හීනයානය

නා. ස්ථවිර වාදය (සං. හීනයාන)

හීබ්රූ

නා.ප්‍ර. යුදෙව් ජාතිය හා ඔවුන්ගේ භාෂාව (ඉං. Hebrew)

හීරළුවා

නා. බුදු සසුනෙහි පැවිදි ව සිට ගිහි බවට පත් තැනැත්තා; උපැවිද්දා/ හිකනලා

හුණ්ඩුව

නා. ද්‍රව්‍ය හෝ ද්‍රව මැනීමේ දී භාවිත වන මිම්මක් (දෙ. சுண்டு)

හුණු

1. වි. උණුසුම් (පා. උණ්හ සං. උෂ්ණ) 2. වැටුණු

හුදකලා

වි. තනි; එකලා

හුනු

1. වි. අඩු (පා. සං. ඌන) 2. හීන වූ (පා. හීන) නා.ප්‍ර. සුනු; චූර්ණ (පා. චුණ්ණ සං. චූර්ණ)

හුනු කිල්ලෝටය

නා. හුනු දැමීමට භාවිත කරන කුඩා භාජනය

හුනුගල්

නා.ප්‍ර. හුනු සෑදීමට ගන්නා පාෂාණ විශේෂය

හුරුලු

නා.ප්‍ර. බුලත් අත/ පඬුරු තැබූ බුලත් ගොනුව

හුල

නා. අග සිහින් කරන ලද යෂ්ටිය; උල (පා. සූල සං. ශූල)

හුලවාලි

නා.ප්‍ර. රොඩී කුලය

හුළ

නා. ගිනි හුළ/ බත් ඇටය

හුළඟ

නා. සුළඟ

හුළු

නා.ප්‍ර. බත් ඇටය; බත් උළු/ උළු කැටය