හුල

hula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උල.
2. ඇස්වලින් නිකුත්වන අපද්‍රව්‍ය විශේෂයක් ; තබ.
3. පාන්කඩ පරඬැල් ආදියෙන් සාදා ගැනෙන ලොකු ප්‍රමාණයේ පන්දම ; හුලු අත්ත ; උල්කාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අග සිහින් කරන ලද යෂ්ටිය; උල (පා. සූල සං. ශූල)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. චලනෙ, සැලවීමෙහි, හුලති, සැලෙයි.
√ භු. කම්පනෙ, කම්පාවීමෙහි, හුලති, කම්පාවෙයි. (පි. 544)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. spike
2. n. torch