සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1911

හුරුබුහුටි

සුරුබුහුටි බ.

හුරුල්ල

නා. යමකුට ගෞරව පිණිස දෙන, එක මත එක තැබූ බුලත් හතළිසකින් යුත් බුලත් අත.

හුරුල්ලා

නා. අගල් 10ක් පමණ දිගට වැඩෙන කරදිය මත්ස්‍යයෙක්.

හුරුලු දෙනවා

ක්‍රි. මඟුල් පෝරු චාරිත්‍රයෙහි අංගයක් වශයෙන් මනාලිය සහ මනාලයා දෙමාපිය වැඩිහිටි ආදීන් වෙත බුලත් දී සමුගන්නවා.

හුල

1. නා. උල.
2. ඇස්වලින් නිකුත්වන අපද්‍රව්‍ය විශේෂයක් ; තබ.
3. පාන්කඩ පරඬැල් ආදියෙන් සාදා ගැනෙන ලොකු ප්‍රමාණයේ පන්දම ; හුලු අත්ත ; උල්කාව.

හුලභ

නා. පැත්ත ; කොන ; කෙළවර.

හුලවාලියා

නා. රොඩී ජන කණ්ඩායමක හෝ රොඩී ගමක ප්‍රධානයා.

හුල්

1. නා.ප්‍ර. උල.
2. හුළ ; පන්දම.
3. කුහුල ; කුතුහලය.
4. උකුල.
5. කුල්ල.

හුල්දිය

නා. පොළොව අභ්‍යන්තරයෙන් උනා මතුවන ජලය ; උල්පත් වතුර ; උල් දිය.

හුල්මස්

නා.ප්‍ර. උල්වල ගසා ගින්නට අල්ලා පුළුස්සා ගනු ලැබූ මාංසය ; පලහන ලද මස් ; බදින ලද මස්.

හුල්වඩු

නා.ප්‍ර. බට පතුරු, වේවැල් ආදියෙන් වට්ටි පෙට්ටි ආදී උපකරණ සාදන්නා.

හුලැසි

වි. ආශාවෙන් පිරුණු ; ලෝබ ; ලොල්.

හුලෑටි

(කථා.) වි. කෙට්ටු ; කේඩෑරි ; කෘශ.

හුලුදෑව

නා. රෙදි වියන යන්ත්‍රයෙහි නූල් එතෙන බිරලුව ; නූල් පන්දුව.

හුවනවා

1. ක්‍රි. ඔසොවනවා ; මතුකොට පෙන්වනවා.
2. පමණට වඩා වර්ණනාවට භාජන කරනවා ; අතිශයෝක්තියෙන් ප්‍රශංසා කරනවා.
3. දමනවා ; බහාලනවා ; රුවනවා ; ඇතුළු කරනවා.
4. දිරි දෙනවා ; අනුබල දෙනවා.
5. සවන් දෙනවා.

හුවමාරුව

නා. යමක් දී ඒ වෙනුවට යමක් ගැනීම ; උනුන් සතු දේ මාරුකර ගැනීම ; ගනුදෙනුව.

හුස්

නා.ප්‍ර. බිරිඳගේ හෝ සැමියාගේ මව ; නැන්දම්මා.
වි. උස ඇති.

හුස්ම

නා. සිරුරේ ක්‍රියාකාරිත්වය ඇති කෙරෙන ආශ්වාස ප්‍රශ්වාස වාතය.

හුසු

1. වි. කෙටි ; හැකිළුණු ; සංක්ෂිප්ත.
2. උචිත ; සුදුසු.
1. නා.ප්‍ර. හිස.
2. පිසන ලද ව්‍යංජනය.

හුහුල්ලනවා

ක්‍රි. (කථා.) දුකෙන්, කණගාටුවෙන් සුසුම් හෙළනවා.

හුළං කුකුළා

නා. සුළං හමන දිසාව දක්වන පරිද්දෙන් වහලක් හෝ කණුවක් මත සවි කරන ලද කුකුළකුගේ හැඩයක් ඇති ඊ තලයකින් යුක්ත උපකරණයක්.

හුළං බහිනවා

1. ක්‍රි. හුළං පුරවන ලද ටියුබ් බැලුන් ආදියෙන් හුළං පීඩනය අඩුවෙනවා.
2. (කෝපය, එඩිය වැනි) චිත්තාවේගයක් තුනී වෙනවා ; සිතේ තද ගතිය අඩු වෙනවා.

හුළු කැන්

නා.ප්‍ර. බත් ඇට බහුලව තිබෙන සේ සහලින් පිසින ලද කැඳ ; යාගු.

හුළු කොටනවා

ක්‍රි. හුළු එළියෙන් රාත්‍රියේ මසුන් කොටා මරනවා.