සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1912

හුළු දඹුව

නා. හුළු අත්තෙන් පිලිස්සී වැටෙන කොටස්.

හූ

1. නා.ප්‍ර. හුය.
2. සූපය.
3. හූව.

හූණා

සුහුණා බ.

හූනියම

නා. මන්ත්‍ර බලයෙන් කරන විපත්තිය ; කොඩිවිනය.

හූමිටි

(කථා) නා.ප්‍ර. ප්‍රතිවචනය ; ඇහුම්කන් දෙන බව හෝ පිළිගන්නා බව හෝ හඟවමින් ‘එහෙම යි !’ ආදි වශයෙන් නගන ප්‍රතිචාරය.

හූය

නා. නූල.

හූරනවා

ක්‍රි. සූරනවා බ.

හූරා

1. නා. බිරියගේ සොහොයුරා ; සොහොයුරියගේ සැමියා ; මාමාගේ හෝ නැන්දනියගේ පුතා ; මස්සිනා.
2. ඌරා ; සූකරයා.

හූරා කනවා

1. ක්‍රි. බඳුන්වල ආහාර ටිකක්වත් ඉතිරි නොකර ම අනුභව කරනවා.
2. ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවා වැඩ ගන්නවා.
3. අධිරාජ්‍යවාදී බලවතුන් තමනට නතු රටවල් දුබල බවට පත් කරමින් අයුතු ලාභ ලබනවා.

හූව

නා. අවධානය යොමු කිරිමේ නොහොත් අප්‍රසාදය පළ කිරීමේ මාධ්‍යයක් වශයෙන් නංවන ‘හූ’ යන උස් හඬ.

හූවට

නා.ප්‍ර. නූල් බෝලය ; නූල් පන්දුව.

හූවැටිය

නා. නූල් කැරැල්ල.

හෘත් ඇලිය

නා. හෘදයේ කොටසක්.

හෘත් කපාටය

(පාරිභා.) නා. හෘදය වස්තුවේ කර්ණිකාවලට ලේ ගලා ඒම වළක්වන නාලය.

හෘත් මාංශය

නා. හදවත ; හෘදය වස්තුව.

හෘත්පටල ප්‍රදාහය

(වෛද්‍ය.) නා. හෘදය රෝගයක් ; හෘදය වැසී තිබෙන සිවියේ ඇති වන දැවිල්ල.

හෘත්පටලය

නා. හෘදය වස්තුව ආවරණය වී තිබෙන දෙපටකින් යුක්ත සිවිය.

හෘත්සනාල

නා.ප්‍ර. හෘදය හා සම්බන්ධ ලේ නහර.

හෘදය

නා. හදවත ; හෘදය වස්තුව.

හෘදය සාක්ෂිය

නා. යුක්තිය අයුක්තිය හෝ වැරදි නිවැරදි බව පිළිබඳව තම සිත පත්ලෙන් එන අකුටිල හැඟීම.

හෘදයංගම

වි. සිතට වදින්නා වූ ; අවංක ; හදවතින් ම නැඟ එන.

හෘදයාබාධය

නා. රුධිර ධාවනය පිළිබඳ හෘදයේ ඇති වන අමාරුව.

හෘද් රජ්ජු

(පාරිභා.) නා.ප්‍ර. පේශිමය කෙඳි ; පටක රැහැන්.

හෘද් විරතිය

(පාරිභා.) නා. හෘදය ක්‍රියා විරහිත වීම.