සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1913

හෘද් විසර්ජිතය

(පාරිභා.) නා. හෘදයෙන් රුධිරය පිට කිරීම.

හෘශෝථය

නා. හෘදයේ වතුර එකතු වීම ස්වභාව කොට ඇති රෝගයක්.

හෘෂ්ට

වි. සතුටට පත් වූ ; ප්‍රීතියට පැමිණි.

හෙක්ටෙයාරය

නා. වර්ග මීටර් 10,000ක හෙවත් අක්කර 2.47ක ප්‍රදේශ ප්‍රමාණය.

හෙක්ටො

අව්‍ය. සිය ගුණය දක්වන තත්සම උපසර්ගයක්.

හෙක්ටොග්රෑමය

නා. ග්රෑම් සියය ; කිලෝග්‍රෑමයකින් දහයෙන් පංගුව.

හෙක්ටෝ මීටරය

නා. මීටර් සියයක දුර ප්‍රමාණය ; කිලෝ මීටරයකින් දහයෙන් පංගුව ; සැතපුම් 0.0621 ක දුර.

හෙට්ටුව

1. නා. බඩුවක් මිලයට ගැනීමේ දී විකුණන්නා සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇති වන කතාබහ ; කේවල කිරීම.
2. කරදරය ; හිරිහැරය.

හෙණ ගහනවා

1. ක්‍රි. අකුණු ගහනවා ; අසනි පතිත වෙනවා.
2. මහා විපත් සිදුවෙනවා.

හෙණය

1. නා. අකුණ ; සෙණය ; අසනිය.
2. බලාපොරොත්තු නැති විපත.

හෙණ්ඩුව

නා. ඇතුන් පාලනය කරන මෙවලම ; අකුස්ස ; අංකුසය.

හෙද

වි. රෝගියකුට උපස්ථාන කිරීම පිළිබඳ ; ලෙඩුන්ට උවටැනෙහි යෙදෙන ; සාත්තු කිරීම සම්බන්ධ.

හෙදකම

නා. රෝගීන්ට ඇප උපස්ථාන කිරීමේ කාර්යය ; සාත්තු සේවය.

හෙදි දහම්

(පාරිභා.) නා.ප්‍ර. හෙදකම සම්බන්ධ ආචාර විද්‍යාව.

හෙදිය

නා. රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට පුහුණුවක් ලබා ඇති තැනැත්තිය ; සාත්තු සේවිකාව ; උපස්ථායිකාව.

හෙප්පුව

1. නා. ස්වර්ණාභරණ ආදිය තැන්පත් කිරීම සඳහා කලාත්මකව සකස් කළ කුඩා පෙට්ටිය ; සේප්පුව ; මංජුසාව.
2. බුලත් විටට අවශ්‍ය දේ තැන්පත් කිරීමට ගැනෙන (ආධාරකයක් සහිත) කවාකාර තැටිය ; ඉලත්තට්ටුව.

හෙබ

නා. ගල් තලාවක නොහොත් ගල්ගෙඩි අතරේ පිහිටි පොකුණ.

හෙබයාස් කෝපුස්

(පාරිභා.) නා.ප්‍ර. සිර අඩස්සියේ හෝ අවහිරයක සිටින තැනැත්තකු උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කෙරෙන නියෝගය ; ඇඟ දැක්වීම.

හෙබ්‍රෙව්

නා.ප්‍ර. හීබ්‍රෑ බ.

හෙබි

වි. ශෝභමාන ; බබළන ; අලංකාර.

හෙම්

නා.ප්‍ර. රත්රන් ; කණක ; ස්වර්ණ.

හෙම්දම

නා. රන් දම්වැල.

හෙම්බත්

වි. ඉතා දැඩි වෙහෙසට පත්.

හෙම්බිරිස්සාව

නා. උගුර හා නාසය ආශ්‍රිත සෙම් රෝගයක් ; සෙම්ප්‍රතිශ්‍යාව.