සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1914

හෙමොපීලියාව

(පාරිභා.) නා. ලේ කැටි ගැසීමේ ශක්ති හීනතා සහිත රෝගය.

හෙය

1. නා.ප්‍ර. ඒ දණ්ඩ ; පාලම.
2. හේතුව ; කාරණය.

හෙර

නා. සොරකමෙහි යෙදෙන ස්ත්‍රිය ; හොරකම් කරන්නිය ; චෞරිය.

හෙරණ

නා. සාමණේර භික්ෂුව ; උපසම්පදා නොවූ භික්ෂුව.

හෙරලි

නා.ප්‍ර. කොස්.

හෙරොයින්

(පාරිභ්‍ය) නා.ප්‍ර. මෝෆීන් ඇසිටිලීකරණයෙන් සාදන මත් ද්‍රව්‍යය.

හෙල

1. නා.ප්‍ර. කඳු ගැටය ; මිටි කන්ද.
1. ප්‍රපාතය ; දළ බෑවුම.
3. සුදු.
4. ඇතිරිල්ල.

හෙලනික්

නා.ප්‍ර. ග්‍රීක භාෂා පවුල හඳුන්වන නම.

හෙල්මැලි

1. නා.ප්‍ර. ජලජ පුෂ්ප විශේෂයක් ; උපුල්මල්.
2. සුදුපාට.

හෙලා දකිතවා

ක්‍රි. පහත් කොට සලකනවා ; අවනම්බු කරනවා ; අවතක්සේරු කරනවා.

හෙලික්සතාව

(පාරිභා.) නා. සර්පිලාකාර හැඩය ඇති බව.

හෙලික්සය

(පාරිභා.) නා. කම්බියක් කවාකාර සිලින්ඩරයක් වටේ එතූ විට ලැබෙන හැඩය ; සර්පිලය ; කුණ්ඩලය.

හෙලිකොප්ටරය

නා. ගගන යාත්‍රා විශේෂයක් ; සිරස් තලයක කැරකෙන භ්‍රමකයක අනුසාරයෙන් ලම්බකව සේ ම තිරස්ව ගමන් කළ හැකි වූ ද ගුවනේ එක තැන රැඳී සිටිය හැකි වූ ද පියාපත් රහිත වූ ද අහස් යානයක්.

හෙළ අටුවා

නා.ප්‍ර. අනුරාධපුර සමයේ මහා විහාරීය භික්ෂූන් විසින් ලියන ලදැයි සැලකෙන අටුවා ග්‍රන්ථ ; එනම් පාලි අට්ඨකථාවල සිංහල පරිවර්තන.

හෙළදිව

නා. සිංහල ද්විපය ; ලක්දිව.

හෙළනවා

ක්‍රි. උසක සිට පහතට දමනවා ; බිමට දමනවා.

හෙළපියුම

නා. සුදු නෙළුම් ; හෙල්මැලි ; හෙළැඹුල්.

හෙළහවුල

නා. හෙළ බසේ දියුණුව සඳහා ක්‍රියා කිරිම පරමාර්ථ කොටගෙන මුනිදාස කුමාරතුංග පඬිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද සංවිධානය.

හෙළි

1. නා.ප්‍ර. එළිමහන ; අංගනය.
2. එළිය ආලෝකය.
3. අනාවරණය කිරිම.
4. පිරිසිදු කිරිම.

හෙළිදරව්ව

නා. සැඟවුණ යමක් අනාවරණය කිරීම.

හෙළිපෙහෙළි

නා.ප්‍ර. වැසී තිබෙන දෙයක් ඉවත් කිරිම ; යමක් හෙළිදරව් කිරිම.

හෙළු

1. නා.ප්‍ර. සිංහල ; හෙළ.
2. නග්න ; නිර්වස්ත්‍ර.
3. එළු.

හේත්තු මූට්ටුව

(පාරිභා) නා. ලෝහ පතුරු දෙකක් එකට් හේත්තු කර පෑස්සීමේ දී ඇතිවන මූට්ටුව.

හේත්තු වෙල්ඩිම

(පාරිභා) නා. සමාත කැපුම් සහිත ලෝහ කැලි දෙකක් මතාව හේත්තු වන සේ පිටතින් උණු වෙන්ට හොඳි පැස්සීම.