සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1915
හේත්තුව
1. නා. (පාරිභා) ලෝහ දැව ආදි කොටස් දෙකක කෙළවරවල් ඇලයට සිටින සේ කැපීමෙන්, ඒවා එකිනෙකට මනා ව ගැළපී තද වී පැවතීම.
2. යම් අයකුට හෝ යම් දෙයකට බරවී, ආධාර කරගෙන හෝ ස්පර්ශව පවතින තත්ත්වය.
හේතු විද්‍යාව
(පාරිභා) නා. රෝග නිදානය උගන්වන විද්‍යාව.
හේතුකර්තෘ
නා.ප්‍ර. (ව්‍යාක.) වාක්‍යය ක්‍රියාව තමන් නොකර, අනුන් ලවා කරවන්නා ; ප්රයෝජ්ය ක්‍රියාවක් සහිත වාක්‍යයේ පළමු කර්තෘ.
හේතුප්‍රත්‍යය
නා.ප්‍ර. (අභි) චිත්ත චෛතසික ධර්ම ඇතිවීමට හා පැවැත්මට හේතු වශයෙන් උපකාර වන ධර්මය.
හේතුඵල නියාමය
නා. (අභි.) හේතුඵල ධර්ම පිළිබඳ නියමිත පිළිවෙළ ; හේතු ප්‍රත්‍යය වාදය ; පටිච්ච සමුප්පාදය.
හේතුව
1. නා. ක්‍රියා සිද්ධියක ආරම්භය ඇතිවීමට මූල සාධක වූ තත්ත්වය ; කාර්යය කාරණය ආදිය ; නිමිත්ත ; නිදානය.
2. පින ; වාසනාව ; භාග්‍යය ; පූර්ව වාසනාව.
හේන
නා. වියළි හා ශුෂ්ක දේශගුණික කලාපවල, කෙටි වර්ෂා සමය තුළ දී ඒ ජලයෙන් ගොවිතැන් කරනු සඳහා කැලෑ කපා පුළුස්සා සකස්කර ගන්නා භුමි භාගය.
හේන් ගොවිතැන
නා. කැලෑ කපා සකස් කරගත් භූමියක ඉරිඟු, කුරක්කත්, තණහාල්, මෙනේරි ආදි කටුසර බෝග ආශ්‍රිතව කරනු ලබන ගොඩ ගොවිතැත.
හේමන්තය
නා. ගිම්හානයෙන් පසු ව, උණුසුම අඩු වෙමින් ද ඇතැම් ශාකවල පත් හැළෙමිත් ද හිම පතන ආරම්භ වෙමින් ද පවතින කාලය ; උඳුවප් හා දුරුතු මාස මෙම කාලයට අයත් වේ.
හේමලයා
1. නා. රත්රන් කර්මාන්තයේ යෙදෙන්නා ; රන්කරුවා.
2. (කථා.) ඡායාව ; සෙවණැල්ල.
හේරිය
නා. වාද්‍ය භාණ්ඩයක් වන බෙරය.
හේරිවාදක
වි. බෙර වයන ; බෙර වාදනය කරන.
නා.ප්‍ර. යුද කටයුතු තොවිල්-පවිල්, ආදියෙහි බෙර වැයීම් කරන අය අයත් වන කුලය.
හේලයිඩ
(පාරිභා.) නා.ප්‍ර. ෆ්ලුවෝරයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ් අඩංගු රසායනික සංයෝගයක්.
හේලිගේ ධූමකේතුව
නා. සාමාන්‍යයෙන් වර්ෂ 76 කට වරක් පොළොවට දර්ශනය වන ප්‍රකට වල්ගා තරුවක නාමය.
හේලියෝග්රාෆය
(පාරිභා.) නා. සූර්යතාපය පිළිබඳව විස්තර විදහා දක්වන සටහන ; සූර්යතාප දර්ශකය.
හේලියෝමීටරය
(පාරිභා.) නා. සූර්යතාපය මනින උපකරණය.
හේලිස්ථාපය
(පාරිභා.) නා. හිරු පිළිබඳව හැදෑරීමට හෝ සංඥා දීමට හෝ සූර්යාලෝක කදම්බයක් නොවෙනස් වන දිශාවකට පරාවර්තනය කරන්නා වූ ආකාශ උපකරණය.
හේවා
වි. යුද හමුදා කටයුතු හා සම්බන්ධ.
නා.ප්‍ර. සිංහල පෙළපත් නාමයක්.
හේවා පන්නය
නා. සන්නද්ධ යුද්ධ භට කණ්ඩායම ; සන්නද්ධ සෙබළ මුළුව.
හේවායා
නා. යුද්ධ භටයා ; යුද සෙබළා.
හේවිසිය
නා. බෙර, දවුල්, තම්මැට්ටම්, තාලම්පට, හොරණෑව, ගෙජ්ජිය යන සයාකාර නෘත්‍ය භාණ්ඩ වාදනයෙන් එකවිට නැගෙන තූර්ය නාදය.
හොකරය
(කථා.) නා. 1. මාළු ඇල්ලීම සඳහා ඉරටුවලින් සාදාගනු ලබන පැසක් වැනි ධීවර ආම්පන්නයක් ; ඉරටිය.
2. දිය පහරක් ගලා යන පර්වත කුහරය ; දෙබුක්කාව.
හොක්ක
නා. (කථා.) මුහුණේ කට ; දෙපස ප්‍රදේශය ; හක්ක ; හනුව.
හොටය
නා. පක්ෂියාගේ උල්කට, තුඩ ; තුණ්ඩය ; චංචුව.