සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1916
හොටිය
නා. තරමක දිග මිටක් සහිත, ඇනීමෙන් පහරදීමට හැකි කඩුවක් හා සමාන ආයුධයක් ; සිරිය ; සත්තිය ; කිරිච්චිය.
හොඬය
1. නා. හස්තියෙකු ස්වකීය අත වශයෙන් ද නහය වශයෙන් ද භාවිත කරන ශරීර පූර්වාංගය ; හොඬවැල.
2. (පාරිභා.) ඇතැම් කෘමීන්ගේ චූෂක මුඛ උපාංගය ; ශුණ්ඩාව.
හොත් පිළිමය
නා. සැතපෙන ඉරියවුවෙන් යුත් ප්‍රතිමාව ; ඔත් පිළිමය.
හොද්ද
නා. ආහාර පොඟවා ගැනීමට හෝ ආහාර සමඟ ගැනීමට හෝ පොල්කිරි, තුනපහ කුඩු ආදී ද්‍රව්‍ය යොදා සාදාගනු ලබන ද්‍රව සූපය ; ව්‍යඤ්ජනයක ද්‍රව කොටස.
හොඳ
වි. යහපත් ; ශුභ.
නා.ප්‍ර. යහපත ; පින ; කුසලය.
හොඳ සිහිය
නා. විකෘති නොවූ ස්මෘතිය ; යහපත් මතකය ; විපරිත නොවූ මනස; සම්මා සතිය.
හොඳාකාර
ක්‍රි.වි. හොඳ හැටි ; මනා ලෙස ; මැනවින්.
හොබන
වි. ශෝභන ; බබළන ; දිලිසෙන ; අලංකාර කරන.
හොබනවා
1. ක්‍රි. ශෝභමාන කරනවා ; දිලිසෙන්නට සලස්වනවා.
2. ඔබනවා ; කාවද්දනවා.
හොම්බ
නා. සිවුපාවකුගේ, ප්‍රධාන වශයෙන් කට සහ නහය යන අංග ඇතුළත් පෙදෙස.
හොරගල් අහුලනවා
ක්‍රි. යමක් නොකර, කරන බව අඟවනවා ; කපටිකමක් කිරීමට මාන බලනවා.
හොරා
සොරා බ.
හොරි
නා.ප්‍ර. ස්පර්ශයෙන් බෝවෙන, පරපෝෂිත කීඩෑවකු නිසා සමෙහි හටගන්නා පළු.
හොරියා
(පාරිභා.) නා. ජල්ලි ගොඩක් වැනි සලිල ශරීරයක් ඇති මුහුදු සීලෝමාන්ත්රධර ජීවියෙක් ; ජල්ලියා.
හොරොව් වෑල්වය
(පාරිභා.) නා. ජලය එක් දිශාවකට පමණක් ගලා යා හැකි වන සේ ක්‍රියා කළ හැකි වෑල්වය.
හොල්මන
නා. හදිසියෙන් අහසෙහි හෝ ඇස් හමුවෙහි දෘශ්‍යමාන දෙය ; අවතාරය.
හොල්මියම්
(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක්.
හොස්ස
1. නා. මුහුණේ මුව වටා කොටස ; හොම්ඛ.
2. ඉසව්ව.
හෝ මැස්සා
නා. (පාරිභා.) පලතුරු වර්ගවලට හානිකරන ඕරොසොගිලා ගණයට අයත් මැස්සෙක්.
හෝටලය
නා. මුදල් ගෙවීමෙන් ආහාර පාන, නවාතැන් පහසුකම්, විවේකය, විනෝදය ආදිය ලබාගත හැකි පොදු ස්ථානය.
හෝඩිය
1. නා. භාෂාවක අක්ෂර මාලාව.
2. ප්‍රාථමික පාසලක පහළම ශ්‍රේණිය.
3. භාෂාවක මූලික ඉගැන්වීම් ඇතුළත් කෘතය.
හෝඩුවාව
නා. යමක් පිළිබඳ තීරණයකට එළඹීම සඳහා තුඩු දෙන කරුණ ; තොරතුර ; ආරංචිය ; ඉඟිය.
හෝන්දුමාන්දුව
නා. සෝන්දුමාන්දුව බ.
හෝනා
1. වි. හාන්සි වී සිටින ; ඇල ගැසී සිටින.
2. නිදන ; නිදාගන්නා ; සයනය කරන.