සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1910
හීන අධ්යාශය
නා. පහත් අදහස ; පහත් සිතිවිල්ල.
හීන ආයු
වි. ආයුෂ අඩු ; මන්දායුෂ්ක.
හීන කර්මය
නා. පහත් ක්රියාව ; අවමන් කරන ක්රියාව.
හීන කාලය
නා. මඳ කාලය ; අඩු කාලය.
හීන කුලය
නා. පහත් කුලය ; අඩු කුලය.
හීන කුලීකයා
නා. පහත් යැයි සම්මත කුලයේ පුද්ගලයා ; අඩු කුලයට අයත් තැනැත්තා.
හීන ගාන්ධර්වයා
නා. දේවතා කොට්ඨාසයකට අයත් කෙනෙක් ; උසස් නොවූ දේව කොට්ඨාසයට අයත් තැනැත්තා.
හීන ගොත්
නා.ප්ර. පහත් ගෝත්රය ; පහත් යැයි සම්මත ජාතිය.
හීන ජන්මය
නා. පහත් යැයි සම්මත කුලයක ලබන උපත.
හීන ජාතිය
නා. පහත් යයි සම්මත කුලය.
හීන බුද්ධික
වි. බුද්ධියෙන් අඩු.
හීන සත්වයා
නා. බලු, කපුටු ආදී පහත් සත්වයා ; නීච සත්වයා.
හීනතාව
නා. අඩු බව ; ඌන බව.
හීනයානය
නා. ශ්රාවක යානයෙන් නිවන අවබෝධ කර ගැනීම දර්ශනය කොට ගත් මුල් බුදු සමය ; ස්ථවිර වාදය ; ථේරවාදය.
හීනාධි මුක්තික
නා.ප්ර. ළාමක අදහස් ඇත්තා ; පහත් සිතුවිලි ඇති පුද්ගලයා.
හීපස
නා.ප්ර. හී පහක් ඇති තැනැත්තා ; අනංගයා.
හීබ්රෑ
1. නා.ප්ර. පුරාණ පලස්තීනයේ විසූ සෙමිටික් ජන වර්ගයට අයත් වූ පිරිස.
2. ඔවුන්ගේත්, ඔවුන්ගෙන් පැවත එන යුදෙව්වන්ගේත්, වර්තමාන ඊශ්රායල් රාජ්යයේත් ව්යවහාර භාෂාව ; හේබ්රෙව්.
හීය
1. නා. ඊතලය ; සරය.
2. සී සෑම.
හීරුකයා
1. නා. බියවන්නා ; බියසුල්ලා ; තැති ගැනෙන්නා.
2. වලහා.
3. බස්සා ; බකමූණා.
හුඹස
නා. ඇතුළත කුහර සිටින සේ වේයන් පස් හා වැලිවලින් ගොඩ නගන ස්තූපයක ආකාර වේගුල ; තුඹස.
හුඹස් බිය
නා. අස්ථාන බිය ; බොරු බය.
හුයනවා
1. ක්රි. උයනවා බ.
2. ලෙලි ගහනවා ; පොතු අරිනවා ; පාහිනවා.
හුරතල්
වි. සුරතල් ; ළද බොළඳ.
හුරු වෙනවා
1. ක්රි. පුරුදු වෙනවා ; පළපුරුද්ද ලබාගන්නවා ; අභ්යාසය ලබනවා ; පුරුද්ද ඇති කරගන්නවා.
2. (කිසියම් දෙයකට හෝ පුරුද්දකට) ඇබ්බැහි වෙනවා ; පෙලඹෙනවා.