සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1909
හිස
1. නා. ඔළුව ; ඉස.
2. ඉහළ ; කෙළවර ; මුදුන.
හිස නමනවා
1. ක්‍රි. හිස ඉදිරියට පහත් කරනවා ; ආචාර වසයෙන් හිස පහත් කරනවා.
2. කෙනකුගේ අවවාදයකට හෝ මතයකට ගරු කරනවා.
හිසගසා දමනවා
ක්‍රි. හිස සිඳ දමනවා.
හිසමුඩු
වි. කෙස් නැති ; තට්ටය ගෑ.
හිස්
වි. කිසිවක් නැති ; ශූන්‍ය ; පුහු.
හිස් කබල
නා. ඔළු කටුව ; ඉස් කබල.
හිස් කසුව
නා. හිස වසා බඳින තලප්පාව.
හිස් කෙළිය
නා. ඉදිරියෙහි ගමන් කරන්නාගේ හිස පේන තෙක් මානය.
හිස් කේතුව
(පාරිභා.) නා. ඇතුළත කුහර සහිත වූ කේතුව.
හිස් පිටසන
(පාරිභා.) නා. චෙක්පතක හෝ විනිමය බිල්පතක පසුපස සටහනක් හෝ අත්සනක් නොමැති වීම.
හිස්ටීරියාව
(පාරිභා.) නා. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවුල්වීම හේතුකොට ගෙන විශේෂයෙන් ම කාන්තාවන්ට වැළඳෙන සන්නි රෝග විශේෂයක්.
හිස්දොර
නා. නිදාගන්නා විට හිස තබන පැත්ත ; ඉහ අද්දර.
හිස්මුල
නා. හිස් මොළය ; මත්ථලුංගය.
හිස්වෙනවා
1. ක්‍රි. කිසිවක් නොමැති වෙනවා ; ශූන්‍ය වෙනවා.
2. අවලංගු වෙනවා ; වටිනාකමක් නැති වෙනවා.
හී
1. නා.ප්‍ර. ඊය ; ඊතලය.
2. නගුලෙන් කුඹුරේ පස් පෙරළීම ; සීසෑම.
3. නගුලට කැපී යන පාර.
4. සිංහයා.
5. මුගුර ; දණ්ඩ.
හී අතුරු
නා.ප්‍ර. සී සාන විට නගුලට කැපී යන කොටස.
හී අළු
නා.ප්‍ර. ඊතල ඇද ඇරීමට යොදා ගන්නා ගස් දෙබලයක් වැනි දෙය.
හී කට්ටුව
නා. හී මිටිය ; හියවුර.
හී කවුළුව
නා. සීමැදුර ; උඩු මහලේ ජනේලය.
හී පගිලිය
නා. ඊ දැත්ත ; ශරයෙහි පසු කෙළවරෙහි දුනුදියට යාවන තැන ; ශරපුංඛය.
හීගිය
වි. අඩු වී ගිය ; හීන වූ ; ක්ෂය වූ.
හීදඬු
නා.ප්‍ර. ඊගස ; ඊය ; ඊතලය.
හීදන්
නා.ප්‍ර. අතීසාර රෝගීන්ගේ මළ සමග පහවන සෙම වැනි ද්‍රවය ; සීදන්.
හීන
වි. ළාමක ; පහත් ; අඩු ; අධම ; උසස් නොවන ; ප්‍රණීත නොවන.