සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1908
හිරිගල්
නා.ප්‍ර. කරදිය ආශ්රිත ව තැන්පත් වන සාමාන්‍යයෙන් සුදු පැහැගත් අවසාදිත පාෂාණය ; චූර්ණමය පාෂාණය ; හුණුගල්.
හිරිජනක ද්‍රව්‍යය
නා. ශල්‍යකර්මාදි ප්‍රතිකාර විධිවලදී සිරුරේ කොටසක් අප්‍රාණික කිරීමේ ප්‍රතිකාරය ; නිර්වින්දන ද්‍රව්‍යය.
හිරිටැඹ
නා. ගල්ගුහාවල මෙන්ම සාගර හා ගංගා පත්ලෙහි ද දක්නට ලැබෙන තද පාෂාණ විශේෂයක්.
හිරිපොළනවා
ක්‍රි. හිරිගඬු මතු වී මයිල් කෙළින් සිටිනවා.
හිරිමල්
1. වි. පිපීගෙන එන ; පිබිදීගෙන එන.
2. නොපැසුණු ; නොමේරූ.
හිරිමුදුන
නා. හිරු මුදුන් වූ වේලාව ; මධ්‍යාහ්නය.
හිරිය
1. නා. ලජ්ජාව ; අකුසලයෙහි ලජ්ජා ස්වභාවය.
2. සමේ ස්පර්ශයක් නොදැනීම.
හිරියල්
සිරියල් බ.
හිරිලඹය
නා. හිරිගල් හෙවත් චූර්ණමය පාෂාණ ආශ්රිත ගල්ගුහාවල දක්නට ලැබෙන පහළට එල්ලෙන ගල්කණු විශේෂයක්.
හිරිහැරය
නා. කරදරය ; බාධකය ; පීඩාව ; වදය.
හිරු
1. නා.ප්‍ර. ඉර බ.
2. වන පන්තිය.
3. ඡන්දසක නාමය.
4. දකුණු නාසා පුටයෙහි පවතින වාතය.
හිරු ගොත්
නා.ප්‍ර. පුරාණ රාජ වංශයක් වන සූර්ය පෙළපත.
හිරු තැටිය
නා. හිරුගේ ගමන නිසා වෙනස් වන සෙවණැල්ල උපයෝගී කරගෙන වෙලාව කියන උපකරණයක්.
හිරු ලප
නා.බහු. අඳුරු කුඩා පැල්ලම් සේ පෙනෙන පහත් උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයක් ; සූර්ය ලප.
හිරුඩින්
(පාරිභා) නා.ප්‍ර. ලේ කැටිගැසීමේ තත්ත්වය වැළැක්වීම සඳහා කූඩැල්ලාගේ කෙළවල තිබෙන රසායනික කොටසක නාමය.
හිරුපිත්
නා.ප්‍ර. යමරජ.
හිරුස්වාරය
නා. තද හිරු රශ්මිය නිසා සෑදෙන ස්නායු රෝගයක්.
හිලව් දෝෂ
නා.ප්‍ර. ගිණුමක ඇතිවන අඩුපාඩු වෙනත් ගිණුමක අඩුපාඩුවලට හිලව්වීමේ වැරැද්ද.
හිලව් පොලිය
(පාරිහා) නා. වන්දියක් වසයෙන් ගෙවන පොළිය.
හිලවුව
නා. යමක් වෙනුවට දෙන හෝ කරන දෙය ; වෙනුවට කිරීමෙන් හෝ දීමෙන් අඩුව පියවා දැමීම.
හිල් කටුව
(පාරිභා.) නා. හිල් විදින කටුව.
හිවනවා
1. ක්‍රි. මහනවා.
2. විහිදුවනවා.
හිවලා
නා. බල්ලාට සමාන පෙනුමක් ඇති ක්ෂීරපායී ගණයට අයත් කැලෑවල වසන සතෙක් ; කැණහිලා.
හිවි
වි. උස් වූ ; විශාල ; ව්‍යාප්ත.
1. නා.ප්‍ර. උස.
2. නැගීම.
3. සිවිය ; සිවිඩ්ඩ.