සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1907

හියසන

නා.ප්‍ර. විදින ලද හීයක් යන දුර.

හියුමස්

නා.ප්‍ර. සජීව හෝ අජීව ධාතු සහිත ද්‍රව්‍ය දිරායෑමෙන් සෑදෙන පස ; පෝර පස.

හිර

1. නා.ප්‍ර. ඉර.
2. ඉර පවතින කාලය ; දහවල.
3. රේඛාව.
4. භාර්යාව ; බිරිය.
වි. (කථා.) 1. තද ; බුරුල් නැති ; ලිහිල් නොවූ.
2. බන්ධනාගාරයට අයත්.

හිර අඩස්සිය

නා. දඟ ගෙයි දමා හිර කොට තැබීම ; බන්ධනාගාරගතකොට තැබීම.

හිර කූඩුව

නා. බන්ධනාගාරගත වූ තැනැත්තා රඳවා තබන හිරගෙයි කුඩා කාමරය.

හිර ගන්නවා

ක්‍රි. විවාහයක් කරගන්නවා ; කසාද බැඳ ගන්නවා.

හිර ගෙදර

නා. බන්ධනාගාරය.

හිරඤ්ඤ

නා.ප්‍ර. ශුද්ධ නොකළ රන් ; අමු රන්.

හිරනවා

ක්‍රි. තීරුවලට වෙන් කරනවා ; රෙදි කඩදාසි ආදිය ඇද කැබලි කරනවා ; පිහියෙන් හෝ කියතෙන් දිග අතට පලනවා.

හිරබාරය

නා. සිරකරුවකු වශයෙන් අත් අඩංගුවට ගැනීම.

හිරමණය

නා. පොල්ලෑම සඳහා භාවිත කරන දැති සහිත තලයක් ඇති මෙවලම.

හිරල

නා.ප්‍ර. ගුදයේ අග කොටස ; මහ බඩවැලේ අග ; අධෝමාර්ගයෙන් පිටතට නික්මුණ බඩවැල.

හිරවරණ

නා.ප්‍ර. කුඩය ; ඡත්‍රය.

හිරි

1. නා.ප්‍ර. හිර ; සූර්යයා.
2. දරුවකු ප්‍රසූත කිරීමට පළමු ඇති වන කැක්කුම ; විළිරුදාව.
3. සිංහයා.
4. පඳුරු වශයෙන් වැවෙන තෘණ විශේෂයක්.
වි. ළපටි.

හිරි ඔත්තප්පය

1. නා. පවට ලජ්ජා වීම හා පවට භය වීම.
2. විළිබිජය ; ලජ්ජා බය.

හිරි ගන්නවා

ක්‍රි. ශරීරයේ ලෝම කෙළින් සිටිනවා ; රෝමෝද්ගමනය වෙනවා.

හිරි ගැටය

නා. ළදරු අවස්ථාවෙහි පවතින ඵලය ; මේරීමට නොපත් කුඩා ඵලය.

හිරි වැටෙනවා

ක්‍රි. ශරීරාංග ස්පර්ශය දැනීමෙන් තොර බවට පත් වෙනවා.

හිරිකඩ

1. නා.ප්‍ර. වැසි බින්දු.
2. යමක වැදී වීසි වන ජලබිඳු.

හිරිකණයා

නා. මිරිදිය මත්ස්‍යයෙක්.

හිරිකිත

වි. පිළිකුල් සහගත ; අප්‍රසන්න ; අප්‍රියජනක.

හිරිකිතිය

1. නා. ලජ්ජාව.
2. පිළිකුල ; අප්‍රිය බව.

හිරිකේඩුව

නා. විඩාව ; තෙහෙට්ටුව ; අප්‍රාණිකකම.

හිරිගඩු

(කථා.) නා.ප්‍ර. ත්‍රාසය නොහොත් සීතල නිසා හම මතුපිට රෝම කූප ආශ්‍රිත ව ඇති වන පළු බිබිලි මතුවන්නා සේ පිපී යාම.