සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1906

හිම රේඛාව

නා. හිම දිය නොවී මුහුදු මට්ටමින් ඉහළ යම් මට්ටමක පවතී නම්, ඒ මට්ටම දක්වන රේඛාව.

හිමකර

නා.ප්‍ර. සඳ ; චන්ද්‍රයා ; සිසිරකර.

හිමකරණය

නා. ශීත ජනකය ; දිය මිදවීමට යොදන යන්ත්‍රය.

හිමකුළ

නා.ප්‍ර. හිමාලය පර්වතය ; හිමගිර.

හිමත් කල්

නා.ප්‍ර. හිම වැටෙන සමය ; හේමන්තය.

හිමවත

නා. හිමාලය පර්වතය ඇසුරු කර ගෙන ඇති වනාන්තරය.

හිමාංක පාතන නියතය

(පාරිභා.) නා. පිරිසිදු ද්‍රාවකයේ අණුවකට අංශකවලින් ප්‍රකාශ කරන නියත සමීකරණය.

හිමාංකය

නා. ද්‍රවයක් හා ඝන ද්‍රව්‍යයක් සමබරතාවෙන් පැවතිය හැකි ශීතෝෂ්ණ ප්‍රමාණය.

හිමාංශු

1. නා. චන්ද්‍රයා.
2. කපුරු.

හිමැටෝසයිට මානය

නා. රුධිර සෛලවල පැවැත්ම මනින උපකරණය.

හිමි

වි. අයත් ; සතු ; සන්තක ; උරුම.
1. නා.ප්‍ර. ස්වාමිපුරුෂයා ; සැමියා.
2. පැවිද්දා ; භික්ෂුව.

හිමිං

1. ක්‍රි.වි. ඉක්මන් නැතිව ; හිමිහිට ; මඳ වේගයෙන් ; කලබල රහිතව.
2. හීන් හඬින් ; කොඳුරා.

හිමිකම

නා. දේපළ අයිතියට තිබෙන ස්වාමි බව ; අයත් බව ; උරුමය.

හිමිකරය

නා. දේපළ අයිතිය ඔප්පුවකින් පවරා දුන් සින්නක්කරය ; සින්නක්කර ඔප්පුව.

හිමිකරුවා

නා. හිමියා ; දේපළ අයිතිකාරයා ; උරුමක්කාරයා.

හිමිදිරිය

නා. අලුයම ; පාන්දර.

හිමිනඹු

නා. ස්වාමිපුරුෂයා සහ භාර්යාව ; අඹුසැමි ; දම්පති.

හිමිපා

නා.ප්‍ර. ස්වාමිපාදයා ; පූජ්‍යයා ; ගරු කටයුතු හිමි.

හිමොසයනින්

(පාරිභා.) නා.ප්‍ර. රුධිරයෙහි වූ තද නිල්පාට රංගය.

හිමෝෆීලියාව

(පාරිභා.) නා. තුවාලයක් ඇතිවීමෙන් පසු බොහෝ වේලා ලේ ගැලීම පවතින පරම්පරාගත රෝගයක් ; රක්තකාමතාව.

හිඹිලිය

නා. මසුන් ඇල්ලීම සඳහා භාවිත කෙරෙන දැල් උපකරණයක් ; කෙමෙන.

හිඹුටු

නා.ප්‍ර. පොත්තක් සහිත පලතුරු විශේෂයක් හා එම ශාකය.

හිය

1. නා. හීය ; ඊතලය.
2. යහපත ; අර්ථ සිද්ධිය.
3. ඖෂධීය ලතාවක්.
4. සර්පයා.

හියවුර

නා. ඊතල දමන කොපුව ; ඊ කොපුව.