සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1905
හිදස
නා. හිල ; සිදුර ; පරතරය.
හිද්ම
නා.ප්‍ර. ඉඳ ගැනීමට උපකාරී වන තැන ; තට්ටම ; පිඬි මස.
හිදි
1. නා.ප්‍ර. ඉදිකටුව ; සූචිය.
2. කූර.
3. නූල් කටින උපකරණය ; ඉද්ද.
4. දොර පොල්ල ; ඉදි දොර.
හිදිදොර
නා. දොරටුව හරහා ඇති දඬු කඳ ; ඉදිකඩුල්ල.
හිදොලුව
නා. දෝලාව.
හින්දනවා
ක්‍රි. සිඳුවනවා ; රත්කිරීම මඟින් ද්‍රව ප්‍රමාණය අඩු කරනවා ; අවශෝෂණය කරනවා.
හින්දි
නා.ප්‍ර. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව.
හින්දු ආගම
නා. හින්දුවරුන්ගේ ශිව, විෂ්ණු හා බ්‍රහ්ම යන දේව ත්‍රි මූර්තිය පදනම් කරගත් ආගම පොදුවේ හැඳින්වෙන නාමය.
හින්දුස්ථානි
නා. ඉන්දු-ආර්යය පවුලට අයත්ව, සංස්කෘතයෙන් භින්නව පවතින ප්‍රධාන භාරතීය කලාවක්.
හිඳි පිළිමය
නා. වාඩි වී සිටින ඉරියවුවෙන් ඉදි කළ ප්‍රතිමාව.
හිඳිනවා
1. ක්‍රි. ඉඳගෙන ඉන්නවා.
2. කසාය, තෙල් ආදිය මඳගින්නේ තබා අවශ්‍ය ප්‍රමාණයට සිඳිනවා.
3. කපනවා ; ඡේදනය කරනවා.
හිප්පනවා
ක්‍රි. ළං කර තද කරනවා ; හිර කරනවා ; තෙරපනවා.
හිප්සොමීටරය
නා. ද්‍රවවල උතුරන අංශකය නිශ්චය කර ගැනීමට ද තැනක උස ප්‍රමාණය නිසැකව දැනගැනීමට වායුගෝලීය පීඩනය ද මනින උපකරණයේ නාමය.
හිපියා
නා. බටහිර රටවලින් එන පහත් පෙළේ සංචාරක කොට්ඨාසයක්.
හිපොක්රටිස්
නා.ප්‍ර. ක්‍රි.පූ. පස්වන සියවසේ විසූ ග්‍රීක ජාතික මහා වෛද්‍යවරයකුගේ නාමය.
හිපොපොටේමස්
නා.ප්‍ර. අප්‍රිකාවේ ගංගා වගුරු ආදියෙහි වාසය කරන, ඝන සමක් ඇති ශාක-භක්ෂක විශාල සිවුපාවෙක්.
හිම
1. නා.ප්‍ර. අංශක 0°C ප්‍රමාණයේ දී වායුගෝලයේ දී මිදී සුදු පැහැයෙන් පතිත වන ජලවාෂ්ප ; වලාකුළුවල දී ජල වාෂ්පයෙන් සෑදෙන ඉතා කුඩා අයිස් ස්ඵටික.
2. හිම වැටෙන කාලය ; හිම කල් ; හේමන්ත සහ සිසිර ඍතු.
3. ඉම ; සීමාව.
4. වනළැහැබ ; හිමෙන් වැසීගිය ප්‍රදේශය.
හිම කැට
නා.ප්‍ර. අහසින් වැටෙන මිදුණු දිය ගුළි ; අයිස් කැට.
හිම කිරම
නා.ප්‍ර. කිරි, බිත්තර, සීනි ආදිය මිශ්‍ර කොට මුදවාගත් ඉතා ප්‍රණීත ආහාරය ; අයිස්ක්‍රීම්.
හිම කුණාටුව
(පාරිභා.) නා. ඉතා ඝන හිම පතනය සහිත කුණාටුව.
හිම ගංගාව
(පාරිභා.) නා. හිමෙන් වැසීගිය නදිය.
හිම පතනය
නා. මිදුණු අහස්දිය, කැට වශයෙන් පොළොව මතට වර්ෂාවක් ලෙසින් වැටීම ; හිම වැටීම.
හිම පවන්
නා.ප්‍ර. සීතල සුළඟ.
හිම ප්ලාවිතය
(පාරිභා.) නා. සුළඟ කරණකොට ගෙන රැස් වුණු හිම කණ්ඩිය.