සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1904

හික්මෙනවා

ක්‍රි. ශික්ෂණය වෙනවා ; කීකරු වෙනවා ; යහපත් විනයෙන් යුක්ත වනවා.

හික්හල

නා. පාසල ; සිප්හල ; විදුහල.

හිග

වි. අඩු ; ඌන ගෙවීමට ඉතිරිව ඇති.
නා.ප්‍ර. ඉඟ ; ඉණ.

හිගනවා

ක්‍රි. බැගෑපත්ව ඉල්ලනවා ; යදිනවා.

හිගන්නා

නා. යදියා ; යාචකයා.

හිගමන

නා. හිඟා කෑම ; හිඟා යෑම ; අනුන්ගෙන් යමක් බැගෑපත් ලෙස ඉල්ලීම.

හිගු

1. නා.ප්‍ර. ඖෂධ විශේෂයක් වන පෙරුම්කායම්.
2. ඉක්මන් ; වහා ; ශීඝ්‍ර.

හිගුල්

නා.ප්‍ර. රක්ත වර්ණ උපධාතු විශේෂයක් ; සාදිලිංගම්.

හිඟ දිය

නා. ඉඟෙහි වූ ලණුව ; ඉඟ බැඳි හුය ; ස්නානය සඳහා අඳින රෙදි කඩ රැඳවීමට ඉණෙහි බඳින ලණුව.

හිඟිය

නා. අත, ඇස ආදියෙන් අදහස් ඇඟවීම.

හිටවනවා

1. ක්‍රි. පැළයක් රෝපණය කරනවා.
2. පුද්ගලයකු යම් තැනක නවත්වනවා.
3. වැඩක් අත් හිටවනවා.
4. සවි කරනවා.

හිඩස

නා. යම් දෑ අතරින් පෙනෙන, පවතින ඉඩ ; අවකාශය ; සිදුර.

හිණ

1. නා.ප්‍ර. ඉණ ; උකුළ.
2. හිණිමග ; තරප්පුව ; සෝපානය.

හිණකඩ

නා. ඇඳගත් රෙදිකඩ ; ඉණ වස්ත්‍රය.

හිණසැද

නා.ප්‍ර. ඉණෙහි බඳින ආභරණයක් වූ මෙවුල.

හිණිපෙත

නා. සෝපානය ; හිණිමග ; සෝපාන පන්තිය.

හිත

1. නා. සිත.
2. යහපත ; අභිවෘද්ධිය ; ශුභසිද්ධිය.

හිතකර

වි. හිතවත් ; ඇලුම් කරන ; යහපත සිදු කරන.

හිතකාමී

වි. යහපත කැමති.

හිතමිතුරා

නා. හිතවත් යහළුවා ; යහපත් මිත්‍රයා ; විශ්වාස කටයුතු මිතුරා ; කල්‍යාණ මිත්‍රයා.

හිතලුව

නා. කරුණු රහිත ව හිතට වැටෙන අදහස් ; මතිමතාන්තර.

හිතවැඩ

නා.ප්‍ර. අභිවෘද්ධිය ; යහපත ; ශුභ සිද්ධිය ; දියුණුව.

හිතුවක්කාර

වි. තමා හිතු දෙයම කරන ; අත්තනෝමතිකව ක්‍රියා කරන ; මුරණ්ඩු ; අවවාදයට නොනැමෙන.

හිද

1. නා.ප්‍ර. හද බ.
2. සිත ; චිත්තය.
3. පොකුණ.
4. එළිමහන ; ඉස්තෝප්පුව.
5. ඉදිකටුව.