සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1903
හැලි
වි. සුදු ; ධවල ; ශ්වේත.
හැලි ඇතා
නා. සුදු ඇතා.
හැලෙනවා
1. ක්‍රි. වැටෙනවා.
2. ඉහිරෙනවා ; වැක්කෙරෙනවා.
3. සැඟවෙනවා.
හැව
නා.ප්‍ර. සර්ප ජාතීන්ගේ සිරුරෙන් වරින්වර ඉවත් ව යන සියුම් සිවිකාව ; පිටසම.
හැවකැට
(පාරිභා.) නා.ප්‍ර. ගල් කුට්ටි ; කඳුකර ප්‍රදේශවල නෙරා ගිය ගිරිශිඛරවල දිරාගිය කොටස් කැඩී බිඳී එකතු වන ගල්කැට.
හැවිල්ල
නා. දෙස් කීම ; ශාපය ; ආක්‍රෝශ කිරීම.
හැසිරෙනවා
ක්‍රි. ගැවසෙනවා ; සංචාරය කරනවා.
හැසෙනවා
ක්‍රි. ඝන වෙනවා ; තදට පිහිටනවා ; ඇහිරෙනවා.
හැළප
නා. විශේෂයෙන් කුරක්කන් පිටිවලින් රොටියක් සාදා ඒ මැදට පැණි-පොල් යොදා දෙකට නමා කැන්ද කොළයක දවටා කඩවැස්මේලා තම්බා ගන්නා සිංහල කැවිලි වර්ගයක්.
හැළි
වි. සුදු ; ධවල ; ශ්වේත.
හැළි අරක්කු
නා.ප්‍ර. හැළිවල රා දමා පෙරාගන්නා ශුද්ධ නොකළ අරක්කු වර්ගයක්.
හැළි හබක
(කථා.) නා.ප්‍ර. ලී පෝරුවක් මත හැළියක් යටිකුරුව සිටින සේ අටවන උගුල.
හැළිය
නා. ආහාර පිසීමාදියට යොදාගන්නා කට ලොකු මැටි භාජන විශේෂයක්.
හෑල්ල
1. නා. අර්ථයක් වැඩිපුර අපේක්ෂා නොකර කළ රචනාව.
2. සැහැල්ල බ.
හෑල්ලු
1. වි. සැහැල්ලු ; චාම්.
2. අගය අඩු ; බාල්දු.
හිංගුල
නා.ප්‍ර. ඖෂධ විශේෂයක් ; සාදිලිංගම්.
හිංසක
නා. හිංසාකාරී ; අනර්ථය ගෙන දෙන ; විනාශකාරී.
හිංසක නීරක්තිය
නා. ලේ අඩු වීම හා ආශ්රිත රෝගය.
හිංසනය
නා. හිංසා කිරීම ; පෙළීම ; පීඩා කිරීම.
හිංසලු
නා.ප්‍ර. සිංසපාරුක ; ඇට්ටේරියා.
හිංස්රාදාහය
(පාරිභා.) නා.ප්‍ර. ලේ නහරවල රුදාව ; ධමනිපාකය.
හිංසාව
නා. පෙළීම ; පීඩා කිරීම ; වධ දීම.
හිකනලා
සිකනලා බ.
හික්මීයා
නා. දිගු නහයක් ඇති මීයකු වැනි කෘමි භක්ෂක කුඩා සත්ව විශේෂයක්.