සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1902
හැඳි ගානවා
ක්‍රි. ආහාරපාන ආදිය හැන්දෙන් කලතනවා ; මිශ්‍ර කරනවා ; කළවම් කරනවා.
හැඳින ගන්නවා
ක්‍රි. මේ අසවලා හෝ අසවල් දේ යයි දැනගන්නවා.
හැඳුනුම් පත
නා. යම් අයකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන බලපත්‍රය ; පුරවැසියකු විසින් අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු අඳුනාගැන්මේ කාඩ්පත.
හැප්නියම්
නා.ප්‍ර. ආවර්තිතා වගුවේ හතර වැනි කාණ්ඩයේ තිබෙන ලෝහමය මූල ද්‍රව්‍යයක්.
හැප්සෙනවා
ක්‍රි. පැළ වෙනවා ; අංකුර ලියලනවා.
හැපින්න
සැපින්න බ.
හැම්
නා.ප්‍ර. ලුණු දැමූ ඌරු මස් ; ජාඩි ඌරු මස්.
හැම්මෙනවා
1. ක්‍රි. ඉවසා දරා සිටිනවා ; උසුලනවා.
2. අල්ලාගෙන සිටිනවා ; රඳවනවා.
හැමිටි බානවා
ක්‍රි. කෝටුවකින් හෝ වේවැලකින් බලවත් සේ තළනවා ; කෝටුමස් කරනවා.
හැඹිලිය
නා. පන්වලින් වියන ලදුව සාමාන්‍යයෙන් ඉණේ ගසාගෙන යා හැකි මුදල් ආදිය දැමීමට භාවිත කරන කුඩා පසුම්බියක්.
හැර ගහනවා
ක්‍රි. පොල්, තල්, කිතුල් ආදි ගස්වලට නැගීම සඳහා ලණුවලින් හෝ බටපතුරු, වැල් ආදියෙන් ලී කැබලි හෝ පොල්ලෙලි හෝ ඔතා බඳිනවා.
හැර පට
(කථා.) නා.ප්‍ර. තල්, පොල්, කිතුල් ආදි ගස් මැදීම සඳහා පහසුවෙන් ගසට නැගීම පිණිස අදින වැල් ලණු.
හැරමිටිය
නා. මහලු වියේදී හෝ ආබාධිත අවස්ථාවල දී යෑම ඒම සඳහා භාවිත කරගනු ලබන උපකරණයක් ; සැරයටිය.
හැරලනවා
1. ක්‍රි. යමකු යම් තැනකට කැටුව යනවා ; එක්කරගෙන යනවා.
2. අත්හැර දමනවා.
3. විවෘත කරනවා.
හැරෙනවා
1. ක්‍රි. මුහුණ ලා සිටින දිශාවෙන් වෙන පැත්තකට අභිමුඛ වෙනවා.
2. තම මතය, ආගම, විශ්වාසය ආදි යමක් වෙනස් කොට වෙනින් එකක් පිළිගන්නවා.
හැරෝව
නා. පසේ උඩ තට්ටුව බුරුල් කිරීම සඳහා ගැනෙන උල් සහිත තලයකින් යුත් උපකරණය ; දැති පෝරුව.
හැල
නා. එරෙන ගැඹුරු මඩ ගොහොරුව.
හැල කිඹුලා
නා. මඩ වගුරු හෝ වැව් ආශ්‍රිතව ජීවත් වන කිඹුල් විශේෂය.
හැල-හැප්පෙනවා
1. ක්‍රි. එකට ගැටෙනවා ; තදින් ගැස්සී එකට වදිනවා.
2. ප්‍රතිවිරුද්ධ මද ප්‍රකාශ කරනවා ; අදහස්වලින් ගැටෙනවා.
හැලජන්
(පාරිභා.) නා.ප්‍ර. ෆ්ලූවෝරින්, ක්ලෝරින්, බ්රෝමීන් හා අයඩීන් යන රසායනික මූල ද්‍රව්‍ය කාණ්ඩය සඳහා යොදෙන පොදු නාමය.
හැලපස
නා. තෙතමනය සහිත බුරුල් පස ; මඩ පස.
හැලයා
(කථා.) නා. තරබාරු අලස පුද්ගලයා.
හැලහොල්මන
නා. නිශ්චල භාවයෙන් තොර බව ; හඬක් නැති බව.
හැල්
1. නා.ප්‍ර. ගොඩ ඉඩම්වල වපුරන කුඩා ඇට සහිත වී වර්ගයක් ; ඇල් වී.
2. (කුඩා) ගෙය ; සාලාව.
3. කුඹුර හාන උපකරණය ; නගුල.
4. එරෙන මඩ සහිත වගුරු බිම ; හැල.
5. සිසිල ; සීතල.
6. ශීත ඍතුව ; හේමන්ත ඍතුව.