සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1901
හැඩපලු ගංගාව
(පාරිභා.) නා. තනි ගංගාවකින් උපන් නොගැඹුරු කුඩා ගංගා ජාලයක්.
හැඩය
1. නා. වස්තුවක හැඩහුරුකම ; ස්වරූපය ; ආකාරය ; පිළිවෙල ; ආකෘතිය.
2. අලංකාරය ; ශෝභාව ; විලාසය.
හැඩයා
1. නා. උණ බට, වේවැල් ආදියෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නා ; කුලුපොත්තා.
2. හැඩකාරයා.
හැඩවැඩ
නා.ප්‍ර. ඇඳුම්-පැලඳුම්, සැරසිලි ආදියෙහි අලංකාර වැඩ ; විසිතුරු මෝස්තර.
වි. සුරූපී ; අලංකාර ; සුන්දර ; ශෝභන.
හැඩි ඔරුව
නා. ධීවරයන් දෙදෙනකුට පමණක් යා හැකි ඔරුව.
හැඩි කරනවා
1. ක්‍රි.කුණු කසල ආදියෙන් යුක්ත කරනවා ; අපවිත්‍ර කරනවා.
2. පිළිවෙළ රහිත කරනවා.
හැඩිදැඩි
වි. වැඩුණු ශරීරයකින් යුත්; බලසම්පන්න මස් පිඩුවලින් යුත් ; සවිමත්.
හැතපුම
1. නා. යාර 1,760 ක දුර ප්‍රමාණය.
2. විඩාහැරීම ; විශ්රාන්තිය.
හැත්
1. නා.ප්‍ර. ඔරුවේ පැස් බඳින ලණුව.
2. තවලම් ගොනුන්ගේ දෑලවර ලණුපොට.
3. ආයුධය.
හැති
1. නා.ප්‍ර. මල් පොකුර ; මල්කැන.
2. හතිය.
හැතිරිය
නා. සතුරු ගැහැනිය ; වෛරී ස්ත්‍රිය.
හැද පරස්
නා.බහු. ඌනතා ; අඩුපාඩු ; දෝෂ.
හැද හැව්ලි
නා.ප්‍ර. ඇදහිලි ; ඇදහීම්.
හැදය
නා. තවලම් ගෙන යන ගොනුන්ගේ පිටට දමන ගෝනිය.
හැදෑරීම
නා. ඉගෙනුම ; පාඩම් කිරීම.
හැන්ද
නා. යමක් ලබා ගැනීම, බෙදීම, මිශ්‍ර කිරීම, කැලතීම ආදිය සඳහා මිටක් සහ තලයක් සහිතව පයාගනු ලබන මෙවලම.
හැන්දෑව
(කථා.) නා. ඉර බැසගෙන යන වේලාව ; රෑ වේගෙන එන වේලාව ; සන්ධ්‍යාව.
හැන්ම
නා. ඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටීම.
හැන්සාඩ් වාර්තාව
නා. පාර්ලිමේන්තු කටයුතු විශේෂයෙන් දේශන සහ වාදවිවාද පිළිබඳ නිල වාර්තාව.
හැඳ
නා.ප්‍ර. නිදාගැනීම සඳහා ලී, යකඩ ආදියෙන් තැනූ යහන ; ඇඳ.
හැඳපට
නා. භික්ෂූන් වහන්සේලා ඉණ බඳින පටි විශේෂයක්.
හැඳවත
නා. ඇඳේ රාමුව.
හැඳි අළුව
නා. පොල්කටු හැඳි ගසා තැබීමට පන්, ලී ආදියෙන් සකස් කර ඇති සිදුරු සහිත රාමුව.
හැඳි කැවුම්
නා.බහු. පිටි හා පැණි මිශ්‍ර කොට ස්වල්පය බැගින් තෙලට දමා හැන්දෙන් තද කොට සකස් කර ගන්නා රස පූප වර්ගයක්.