සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1900

හැකර

වි. පමණට වඩා කථා කරන ; වාචාල ; දොඩමලු.

හැක්ක

නා. ගංගා ඉවුරක් යට හැදෙන බිම්ගෙය.

හැක්ම

(කථා.) නා. ජලය රැඳී ඇති ස්ථානය ; ගල්කුලම ; පොකුණ.

හැක්සුම

නා. නින්දාව ; අවමන් කිරීම ; අපහාසය.

හැකියාව

නා. පුළුවන්කම ; හැකි බව ; ශක්තිය.

හැකිරි

නා.ප්‍ර. කුඩා ගල්කැට හෝ වැලි සහිත බිම.

හැකිල්ල

නා. පයට හෝ අතට දමන විලංගුව ; මාංචුව.

හැකිළෙනවා

ක්‍රි. රැලි ගැහෙනවා ; ප්‍රමාණයෙන් කුඩා වෙනවා ; වකුටු වෙනවා.

හැඟලීම්

නා.ප්‍ර. එක් වීම ; සබඳවීම.

හැඟි

වි. සිතන ලද ; අදහස් කළ.

හැඟිස්සා

නා. මිරිදියෙහි වසන ලොකු දසපාදික කවචයෙක්.

හැඟුම

1. නා. අවබෝධය ; දැනීම.
2. මතය ; අදහස ; සිතුවිල්ල.

හැඟෙනවා

ක්‍රි. සිතට නැගෙනවා ; වැටහෙනවා ; දැනෙනවා.

හැට ඇඳිරිය

(කථා.) නා. ඇස් පෙනීම පිළිබඳව වයස අවුරුදු හැටක් හෝ ඒ ආසන්න වයසේ දී ඇති වන දුර්වලතාව ; වයස යාම නිසා පෙනීම අඩුවීම.

හැට්ට කටුව

නා. හැට්ටයක් පියවීම සඳහා ගසනු ලබන කටුව ; ආයා කටුව.

හැට්ටුව

නා. හුස්ම ගැනීමට අපහසු බව ලක්ෂණ කොට ඇති රෝගයක් ; ඇදුම රෝගය.

හැඩ

1. වි. (කිසියම්) ස්වරූපයකින් යුත්.
2. රූමත් ; අලංකාර ; නෙත්කලු.
3. චණ්ඩ ; සැර.

හැඩ ගහනවා

1. ක්‍රි. පිළියෙල කරනවා ; සකස් කරනවා ; උවමනා කරන ආකාරයට සකසනවා.
2. ඇල වෙනවා ; පැත්තකට බර වෙනවා ; ඇද වෙනවා.

හැඩ පිටදාරය

නා. කියත් තලයක ඇති වක් වූ පිටදාරය.

හැඩ යත්ත

නා. හැඩ ලීස්තර මට්ටම් කරන යත්ත.

හැඩ-නිල

නා. හැඩය ; ස්වරූපය ; ආකාරය ; සැටිය.

හැඩකාරයා

1. නා. රූමත් තැනැත්තා.
2. අලංකාරයට සැරසෙන්නා ; ජේත්තුකාරයා.

හැඩපලු

නා.ප්‍ර. නොපීරීම නිසා එකට බැඳී වෙළී ගිය හිසකෙස්.