සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1899
හායනය
නා. අඩු වීම ; පිරිහීම ; හීන වීම ; බැසයෑම.
හාර
1. නා.ප්‍ර. අරටුව ; සාරය.
2. හැරගෙන යනු ලබන දෙය.
3. මුතුපට ; මුතු මාලය.
4. දිය කළගෙඩි තබන තැන.
වි. සතර ; සිවු ; චතුර්.
හාරක
නා.ප්‍ර. උච්ච වෝල්ටීයතා ධාරාවක් ගෙන යන පරිවෘත කම්බි.
හාරකයා
නා. ගෙනයන තැනැත්තා.
හාරනය
නා.ප්‍ර. බුද්ධ ධර්මය න්‍යායානුකූල ව විග්රහ කරන ක්‍රමයක්.
හාරය
නා. සැරව ; ඕජාව.
හාර්දික
1. වි. හෘදය හා සම්බන්ධ ; හදවතට අයත් ; හදවත පිළිබඳ.
2. ළගන්නා සුලු ; හෘදයාන්විත.
හාර්දික ධමනිය
නා. හෘද බිත්තියෙහි පේශිවලට ලේ සපයන ධමනිය.
හාරිච්චිය
නා. ළපැත්තෙහි පලඳින ස්ත්‍රී ආභරණයක්.
හාල්
නා.ප්‍ර.බහු. පොතු හැර ශුද්ධ කළ වී ඇටය ; සහල්.
හාල් මෝල
1. නා. හාල් කොටන යන්ත්‍රය.
2. එය පවතින ස්ථානය.
හාල්දණ්ඩා
1. නා. කුඩා මිරිදිය මාළුවෙක්.
2. විෂ නැති කුඩා සර්පයෙක්.
හාල්පන්කලු
නා.ප්‍ර. වී වර්ගයක්.
හාල්පානු
නා.ප්‍ර. සෝදාගත් හාල් ඉවත් කළ පසු ඉතිරි වන ජලය ; හාල් සේදූ වතුර ; පානු දියර.
හාලාව
(කථා.) නා. හීලෑකම ; හික්මුණු බව ; අවනත බව.
හාලි කැපෙනවා
ක්‍රි. වාරකන් කාලයට මුහුදු වෙරළ හෑරෙනවා.
හාවා
නා. තෘණ භක්ෂක කුඩා සිවුපාවකුගේ නාමය.
හාස ප්‍රඥාව
1. නා. තියුණු යථාර්ථය වටහන නුවණ ; සමාධි භාවනාවෙහි යෙදෙන - වුනට පහළ වන උසස් ප්‍රඥාව.
2. සතුට බහුල කොට ඇති ප්‍රඥාව.
හාසය
1. නා. සිනාව.
2. මල් පිපීම ; පුෂ්ප විකාශය.
හාස්කම
නා. දිව්‍යමය බලයකින් සිද්ධ වන අද්භූත සිද්ධිය ; ප්රාතිහාර්යය ; ආශ්චර්යය ; විස්මයජනක ක්‍රියාව.
හාස්‍යජනක
වි. සිනා උපදවන ; හාසය ඇති කරන ; විහිළු බර.
හාස්‍යය
1. නා. සිනාව ; හාසය.
2. සිතෙහි පහළ වන හාස්‍යජනක හැඟීම ; අෂ්ටවිධ වූද නව විධ වූද රසවලින් එකක්.
3. කවටකම ; විහිළුව.
හාසු
නා.ප්‍ර. සතුට ; සන්තුෂ්ටිය.
හැංගි හොරා
ක්‍රි.වි. එළිදරවු වශයෙන් නොව ; අප්‍රකට ව ; අප්රසිද්ධියේ.
හැංගිමුත්තං
නා.ප්‍ර. සැඟවී සිටින්නන් සොයා යෑම ඇසුරින් කරනු ලබන ක්‍රීඩාව.