සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1898
හාක්ක වියමන
නා. ලිනන් හා කපු නූල් පාවිච්චි කොට කුඩා තුවා වියා ගැනීම සඳහා වැඩි වශයෙන් යොදනු ලබන වියමන.
හාටාව
(කථා.) නා. අත්වැල වශයෙන් ලණුවක් හෝ වැලක් බැඳි ඒදණ්ඩ.
හාත්පස
නා. වටේට ඇති ප්රදේශය ; අවට පෙදෙස.
හාද
වි. සුහද ; හිතවත් ; යහළු ; ළබඳ.
හාදයා
1. නා. යාළුවා ; මිත්රයා ; හිතවතා.
2. තැනැත්තා ; පුද්ගලයා.
හාදුව
නා. මුහුණු සිඹීම ; චුම්බනය ; හාද්ද.
හානනවා
ක්රි. අමාරුවෙන් ආශ්වාස ප්රශ්වාස කරනවා ; හති දමනවා ; ආනනවා.
හානභාගිනී
වි. පරිහානියට පත් ; පිරිහුණු ; ස්ථීර නොවන.
හාන් රෙද්ද
නා. බිලිඳු දරුවකු තැබීම සඳහා ගනු ලබන වස්ත්රය.
හාන්කවිසියක්
ක්රි.වි. (කථා.) යන්තම්වත් ; කොහෙත්ම.
හාන්සි වෙනවා
ක්රි. දිගාවෙනවා ; ඇලවෙනවා.
හානි පූරණය
නා. අඩුපාඩු මැකීම ; හානි වූ කොටස පියවීම.
හානි පූරිත අවලම්බය
නා. දෝලන කේන්ද්රයත් අවලම්බන ලක්ෂ්යයත් අතර දුර.
හානිකර
වි. විනාශදායී ; අහිතවත්.
හානිය
1. නා. පිරිහීම ; පරිහානිය ; විනාශය.
2. අලාභය ; ඌනතාව ; අඩුව.
3. වෙහෙස ; අමාරුව.
හාපුරා
ක්රි.වි. පළමුවෙන් ම ; ප්රථමයෙන් ම ; අලුතින් ම.
හාබර් ක්රමය
නා. නයිට්රජන් සහ හයිඩ්රජන් සංයෝජනය කොට ඇමෝනියා නිපදවීමේ ක්රමයක නාමය.
හාමගිරි කරනවා
ක්රි. මිශ්ර කරනවා ; කලවම් කරනවා.
හාමත
නා. ක්ෂුධාමත ; බඩගින්න අධික වූ කල ඇති වන ක්ලාන්ත ගතිය ; තද කුසගින්නෙන් ඇති වන පෙළීම ; සාගින්න.
හාම්පුතා
නා. ගෙදර ප්රධානයා ; ස්වාමියා ; ස්වාමිපුත්රයා.
හාමු කරනවා
ක්රි. මිශ්ර කරනවා ; කලවම් කරනවා.
හාමුදුරුවෝ
නා.බහු. බෞද්ධ භික්ෂූන් වහන්සේ.
හායන
වි. බැසයන ; පිරිහෙන ; අඩු වන.
හායන පක්ෂය
1. නා. චන්ද්රයා ක්රමයෙන් අඩු වී යන අඩමස් කාලය ; අවපක්ෂය ; කෘෂ්ණ පක්ෂය.
2. යමකුගේ පිරිහීම ඇති වන අවධිය ; නරක කාලය ; දුර්දශාව.