සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1897
හස්තිලිඞ්ග
නා.ප්‍ර. ඇතුන් උසුලාගෙන ගොස් ගොදුරට ගැනීමෙහි සමත් යැයි වර්ණිත සුවිශාල පක්ෂියෙක් ; ඇත්කඳ ලිහිණියා.
හස්තිවේදය
නා. ඇතුන් පිළිබඳ චිකිත්සා ශාන්තිකර්ම ආදිය ඇතුළත් ශාස්ත්‍රය.
හස්තෝදකය
නා. දාන පරිත්‍යාග ආදි වශයෙන් යමක් ප්රදානය කිරීමේ දී හෝ කන්‍යාවක් විවාහ කරදීමේ දී හෝ අතට වත් කරන ජලය ; අතපැන්.
හස්න
1. නා.ප්‍ර. ඉඳීම ; යෝග ශාස්ත්‍රයෙහි ඉඳගැනීමේ අඟපසඟ පිහිටුවා ගැනීමේ ආකාරය ; ඉරියවුව ; අසුන ; ආසනය.
2. ආඥාව ; නියෝගය.
3. ලිපිය ; පණිවිඩය ; සන්දේශය.
හස්ස
1. නා. අවකාශය ; අතරතුර.
2. සිනාව.
හසිනවා
ක්‍රි. මතුපිට පතුරු මට්ටම් කරනවා ; අහිනවා.
හසුන
1. නා. ඉඳගන්නා ස්ථානය ; ඇඳ ; ආසනය.
2. ආඥාව ; නියෝගය ; පණිවිඩය.
3. සිවුර ; චීවරය.
හසුපෑවත
නා. අස්වැන්න ; පලදාව ; අහුපෑවත.
හසුරනවා
ක්‍රි. අවහිර කරනවා ; අවුරනවා ; වළකනවා.
හසුරුවනවා
ක්‍රි. (හසුරනවා යන්නෙහි ප්රයෝජ්ය) 1. යොදවනවා ; මෙහෙයවනවා ; යොමු කරවනවා.
2. ශික්ෂණය කරනවා ; පාලනය කරනවා ; පිළියෙල කරනවා.
හසුරුසන
නා. මහපටැඟිල්ල සමඟ මැදැඟිල්ල ගටා කරන අල්ලාගන්නා ලද ශබ්දය නිකුත් කිරීම හෝ ඊට ගත වන කාලය ; අසුරුසන.
හසොබනවා
ක්‍රි. හස් ලකුණ ඔබනවා හෙවත් මුද්‍රාව තබනවා ; සීල් ගසනවා.
හළ
1. වි. දුරු කළ ; අත්හරින ලද ; ඉවත් කළ.
2. අරින ලද ; විවෘත කරන ලද.
හළු
1. නා.ප්‍ර. අළු ; භෂ්ම.
2. ධූලි ; රජස්.
හළු මණ්ඩපය
නා. සළු වඩන ගෙය ; සිංහල රාජ සමයේ රජතුමා ඇඳ පැලඳ අයිත්තම් වූ කාමරය.
හළුකිස
නා. දැවීම ; ආදාහනය.
හළුම්
නා.ප්‍ර. නොපෙනී යෑම ; අන්තර්ධාන වීම.
හ්‍යුමස්
නා.ප්‍ර. දිරාගිය පැළෑටි සහ සත්ව කොටස්වලින් සෑදුණ පස් තට්ටුව.
හ්‍රස්ව
වි. දික් නොවූ ; කෙටි ; ලුහුඬු ; ලඝු.
හ්‍රස්ව දෘෂ්ටිය
නා. දුර නොපෙනීම ඇති කරන අක්ෂි රෝගය.
හ්රාසය
නා. අඩු කිරීම ; ක්ෂය වීම.
හා කුස
නා. බඩගිනි සහිත උදරය ; සාගින්නේ පෙළෙන ආමාශය.
හා තොල
නා. උපතින්ම දෙකට පැළී විකෘත වී තිබෙන තොල.
හාංකවිසිය
(කථා.) නා. ඉතා සුළු සැකය ; ශඞ්කා මාත්‍රය ; ආරංචිය.