සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1896
හස්තහාරීය
වි. අතින් ගෙන යා හැකි.
හස්ත්යභරණ
නා.ප්‍ර.බහු. ඇතකුට පලඳවන අලංකාර ඇඳුම් පැලඳුම්.
හස්ත්යාචාර්යයා
නා. ඇතුන් හික්මවන්නා ; දක්ෂ ලෙස ඇතුන් පිට යන්නා ; හස්ති පාලකයා.
හස්ත්යාරූඪ
වි. ඇතකු පිට නැගී ; ඇතකු අරා සිටින.
හස්තාඞ්ගුලි
1. නා.ප්‍ර. (සිවුසැට ආභරණවලින් එකක් වශයෙන්) ඇඟිලිවල පලඳින මුදු.
2. අතේ ඇඟිලි.
හස්තාමලකය
නා. අත්ලෙහි තබනු ලබා ඇති නෙල්ලි ගෙඩිය ; ඉතා පැහැදිලි ව දැකගත හැකි දෙය ; අතැඹුල.
හස්ති කුම්භය
නා. ඇත් හිස මුදුන්හි කළගෙඩි දෙකක් මෙන් උස් ව නැගී ඇති උස් ස්ථාන දෙකෙන් සෑදී පෙදෙස ; කුම්භස්ථලය.
හස්ති නඛ
නා.ප්‍ර. (ඇත් නිය යනු වාච්‍යාර්ථයි) රැකවල් සඳහා නගර හෝ කොටු දොරටුවල ඉදිකෙරුණු තුදුස් ද්වාරයන්ගෙන් එකක්.
හස්ති නිමීලනය
නා. ඇතකු බලන්නාක් මෙන් අඩවන් වූ ඇසින් යන්තමින් බැලීම ; නොබලන්නාක් මෙන් බැලීම.
හස්ති පදය
නා. ඇත් පියවර ; ඇතාගේ අඩි ලකුණ.
හස්ති ප්‍රාකාරය
1. නා. ඇත්රූ කැටයම් සහිත පවුර ; ඇත්පවුර.
2. පවුරක් මෙන් වටේට සිටගත් හස්ති පඞ්ක්තිය.
හස්ති මදය
නා. මතැතුන්ගේ කපෝල යුග්මයෙන් ද කෝෂයෙන් ද යම් කාල සීමා තුළ වෑහෙන ද්‍රවය.
හස්ති මේහය
නා. වාතයෙන් හටගන්නා ප්‍රමේහ රෝගයක්.
හස්ති යූථය
නා. ඇත් රැළ ; ඇත් සමූහය.
හස්ති රත්නය
නා. සක්විති රජුන්ගේ සප්තවිධ රත්න අතරින් එකක් වශයෙන් සඳහන් පරිදි ලෝකයේ සියලු ඇතුන්ට ශ්‍රේෂ්ඨතම හස්ති රාජයා.
හස්ති වෛද්‍ය
නා.ප්‍ර. හස්ති වේදයෙහි නිපුණයා ; ඇත් වෙදැදුරා.
හස්ති ශික්ෂාව
නා. ඇතුන් පුහුණු කරවීමේ ක්‍රමය.
හස්ති ශිල්පය
නා. ඇතුන් පිට යෑම හා ඇතුන් හැසිරවීම පිළිබඳ ශිල්පය.
හස්ති සේනාව
නා. පුරාණ චතුරංගනී සේනාවෙහි වූ ඇත් බළ ඇණිය.
හස්තිකාන්ත
වි. ඇතුන්ගේ සිත් ඇදගන්නාසුලු ; ඇතුන් වසඟ කරන ; හස්තීන්ට ප්‍රිය.
හස්තිනී
1. නා.ප්‍ර. ඇතාගේ ගැහැනු සතා ; ඇතින්න ; ඇතිනිය.
2. දේහ ලක්ෂණ ශාස්ත්‍රය අනුව ස්ත්‍රීන් බෙදනු ලබන වර්ග සතරින් අවසාන වර්ගය.
හස්තියා
නා. ඇතා ; අලියා.
හස්තියානය
නා. ගමන් යෑමට යොදාගනු ලබන ඇතා ; පිට උඩ නැගී යෑමට ගන්නා ඇතා.
හස්තිලණ්ඩ
නා.බහු. ඇතුන්ගේ වර්චස් පිඬු ; ඇත් බෙටි.