සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1895
හස්ත තලය
නා. අතේ මැණික් කටුවටත් ඇඟිලිවලටත් අතර පැතලි කොටසෙහි ඇතුළු පැත්ත ; අත්තලය ; අල්ල ; අත්ල.
හස්ත පර්ණිකාව
1. නා. දිග හරින ලද ඇඟිලි සහිත අත් තලය ; විහිදූ අල්ල.
2. අත්තලයක හැඩය ඇති කොළය.
හස්ත ප්රසාරණය
නා. අත දිගු කිරීම.
හස්ත පුඤ්ජනය
නා. අත පිහින රෙදි කැබැල්ල ; අත් පිස්නාව.
හස්ත පුටය
නා. ගොටුවක් මෙන් එකතු කළ දෙඅත්ල ; අත්ගොටුව.
හස්ත ඵෝටනය
නා. හඬ නගින සේ අතුල්තල එකට එක වැද්දීම ; අත් පොළසන් දීම.
හස්ත මුද්රාව
1. නා. අත හා ඇඟිලි විවිධ ආකාරයට මෙහෙයිමෙන් සහ ශරීරයේ ඒ ඒ ස්ථාන මත තැබීමෙන් අදහස් පහළ කිරීමේ ක්රමය ; හස්ත සංඥාව.
2. ඉන්දියානු නෘත්යශාස්ත්රානුගත සංඥා ක්රමයක්.
හස්ත රේඛා
නා.බහු. අත්ලෙහි ලකුණු වී ඇති රේඛා.
හස්ත රේඛා ශාස්ත්රය
නා. අතේ පිහිටීම සහ රේඛා අනුව ජීවිත ඵලාඵල කීමේ ශිල්ප ක්රමය.
හස්ත විකාර
නා.ප්ර.බහු. (භය, කෝපය, ශෝකය, හාස්යය ආදිය නිසා) අතින් කරන නොයෙක් විපරීත ක්රියා.
හස්ත ශබ්දය
නා. අතින් අත ගටා තබන හඬ ; අත්පොළසන් ගසන ශබ්දය.
හස්ත සම්පුටය
නා. ගොටුවක් සේ එක් කළ දෙඅත්ල ; අත්ගොටුව.
හස්ත ස්ඵෝටනය
නා. අත්ලෙන් අත්ල ගසා ශබ්ද පැවැත්වීම.
හස්තකූර්ව අස්ථිය
නා. මැණික් කටුවේ හෙවත් හස්තකූර්වයේ ඇති ඇට.
හස්තකූර්ව කූර්වෝපරිය
නා. (පාරිභා.) පක්ෂීන්ගේ මැණික් කටුවේ ඇතැම් අතුල් ඇට හා පෑහී සෑදුණ පියාපත් කංකාලයේ ඇටයක්.
හස්තකූර්වය
නා. මැණික් කටුව.
හස්තගත
1. වි. බැසගිය ; අස්තයට ගිය ; අස්තගත.
2. අතට අසු වූ ; අත්පත් ; අල්ලාගන්නා ලද.
හස්තග්රහණය
නා. අතින් අල්ලා ගැනීම ; අතින් අත ගැනීම.
හස්තච්ඡේදනය
නා. (දඬුවම් වසයෙන්) අත් කපා දැමීම.
හස්තප්රාප්ත
වි. අතට පත් ; අත්පත්.
හස්තය
1. නා. ඉර හෝ හඳ අස්තංගත වීම ; බැස යෑම.
2. බාහුවේ මැණික්කටුවෙන් පහළ කොටස ; අත.
3. ඇතාගේ හොඬවැල.
4. අඟල් විසිහතරක් දිග සිංහල මිණුම් ප්රමාණයක්.
හස්තසාර
1. වි. අත තබාගෙන පරෙස්සම් කළ යුතු තරමින් ඉතා වටිනා.
2. අතිශයින් ප්රත්යක්ෂ ; අත්දුටු.
හස්තසාර ඖෂධය
නා. ගුණදායී බව ප්රත්යක්ෂ වී ඇති ඔසුව ; අත්දුටු බෙහෙත.
හස්තසාර වස්තු
නා.ප්ර. සිය අතෙහි තබා ගත යුතු ඉතා වටිනා වස්තු.