සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 962

හුංකාර

න. කෙදිරීම, ගෙරවීම, තරහ ඇඟවීම. (පි. 543)

හුක්කු

නරිහඬ, ශෘගාලනාදය. (පි. 543)

හුජ

√ භු. ගතියං, යෑමෙහි, හුඩති, යෙයි. (පි. 543)

හුඩි

√ භු. රාසී කරණෙ, රැස්කිරීමෙහි, හුණ්ඩති, රැස්කෙරෙයි. (පි. 543)

හුත

න. යාගය, දානය, පුදනලද්ද. (පි. 543)

හුත්ත

න. වෛදික ගොත්‍ර‍ය, වෙදයේ එන පූජාව. (පි. 543)

හුතාවහ

පු. ගින්න, වහ්නිය. (පි. 543)

හුතාසන

න. ගින්න. (පි. 543)

හුති

ඉ. ආහ්වානය, කැඳවීම. (පි. 543)

හුනිතබ්බ

ති. පිදියයුතු, යාගකටයුතු. (පි. 543)

හුර

√ භු. කොටිල්ලෙ, කුටිලභාවයෙහි, හුරති, කුටිලවෙයි. (පි. 544)

හුරං

අ. පරලොව. (පි. 544)

හුරාහුරං

න. ස්ථිතියෙන් ස්ථිතිය. (පි. 544)

හුල

√ භු. චලනෙ, සැලවීමෙහි, හුලති, සැලෙයි.
√ භු. කම්පනෙ, කම්පාවීමෙහි, හුලති, කම්පාවෙයි. (පි. 544)

හුවෙය්‍ය

ක්‍රි. වන්නේ නම්, සිදුවන්නේ නම්. (පි. 543)

හුසා

ඉ. යෙහෙලී, ලේලී. (පි. 544)

හුහුංක

ති. හුං හුං යයි කියන. (පි. 544)

හුහුංකජාතික

පු. ගෙරවීම් සහිත ස්වභාවය ඇත්තා. (පි. 544)

හුළ

√ භු. ගමනෙ, යාමෙහි, හුළති, යෙයි.
√ භු. රාසිකරණෙ, රැස්කිරීමෙහි, හුළති, රැස්කරයි. (පි. 544)

හූ

√ භු. සත්තායං, වීමෙහි, හොති, වෙයි, පහොති, පහුතො.
√ භු. එකෙණෙහි කිරීමෙහි, හුතො, හුතවා.
√ භු. දානෙ, දීමෙහි, හූති, දෙයි. (පි. 543)

හෙ

අ. ආමන්ත්‍ර‍ණයෙහි. (පි. 544)

හෙට්ඨසීසක

පු. පහතට හිස නමාගෙන ඇත්තා. (පි. 544)

හෙට්ඨා

අ. යට, යටභාගය, අධොභාගය. (පි. 544)

හෙට්ඨිම

ති. යට දිසාවට අයිති. (පි. 544)