සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 961

හිරිවෙර

න. ඉරිවේරිය. (පි. 543)

හිරීයති

ක්‍රි. (√ දි. හිරි, ලජ්ජායං, ලජ්ජාවෙහි +ති) ලැජ්ජාවෙයි. (පි. 543)

හිල

√ තු- ලීලාවිලාසාදිසු, ලීලාවිලාසාදියෙහි හිලාදති, හෙලෙති. (පි. 543)

හිස

√ රු. පීඩායං, පීඩාවෙහි, හිංසති, පෙළයි, විහිසි. (පි. 543)

හිසි

√ චු. පීඩායං, පෙළීමෙහි, හිංසෙති, හිංසයති, පෙළයි.
√ භු. පීඩායං, පෙළීමෙහි, හිංසති, පෙළයි, හිංසා. (පි. 543)

හිසු

√ භු. සද්දෙ, ශබ්දයෙහි, හිසති, ශබ්දකරයි. (පි. 543)

හිළ

√ දි. සුඛෙ, සැපවිඳීමෙහි, හිළාදති, සැපවිඳිති.
√ භු. අනාදරෙ, අනාදරකිරීමෙහි හිළති අනාදරකරයි. (පි. 543)

හිළාද

√ භු. සුඛෙ, සැපයෙහි, හිළාදති, සැප විඳියි. (පි. 543)

හීන

න. ලාමක, නීච, පහත්ගතිය. (පි. 543)

හීනකාය

පු. හීනාත්මය, පහත් උත්පත්තිය. (පි. 543)

හීනජච්ච

න. හීනජාතිය, නීචසත්වවර්‍ගයා. (පි. 543)

හීනධාතු

ඉ. දොළොස් අකුසල්සිත්, ලාමක බව. (පි. 543)

හීනවාද

න. හීනවාදය, මිථ්‍යාධර්‍මය. (පි. 543)

හීනවිරිය

න. හීනවූ වීර්‍ය්‍යය, අඩුවූ වීර්‍ය්‍යය. (පි. 543)

හීනාධිමුත්ත

න. හීනවූ කැමැත්ත. (පි. 543)

හීයති

ක්‍රි. (√ දි. හා, චාගෙ, අත්හැරීමෙහි +ති) අත්හරියි. (පි. 543)

හීයන

න. අත්හැරීම. (පි. 543)

හීයමාන

පු. ක්ෂයවනු ලබන. (පි. 543)

හීය්‍යො

අ. ඊයේ දවස, ඊයේ. (පි. 543)

හීළ

√ චු. නින්දායං, නින්දාකිරීමෙහි, හිළෙති, හීළයති, නින්දාකෙරෙයි. (පි. 543)

හීළති

ක්‍රි. (√ චු. හීළ, නින්දායං, නින්දාවෙහි +ති) නින්දාකරයි (පි. 543)

හීළන

න. නින්දාව, ගැරහීම. (පි. 543)

හීළිත

ති. නින්දාකළ, ගැරහු. (පි. 543)

හුංකරොති

ක්‍රි. ශබ්ද කරයි, ගොරවයි, කෙඳිරිගායි. (පි. 543)